spot_img

Pari (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අරන් ආවේ උණු උණුවේ ආපු අලුත්ම චිත්‍ර‍පටියක්. අද උදේ තමයි මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උනේ. අද දවසම ගෙදර ඉන්න ලැබුන නිසා මේක කොහොම හරි රෑ වෙද්දි සබ ඉවර කරලා අරන් ආවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Prosit Roy විසින්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Anushka Sharma හා Parambrata Chatterjee රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ නිශ්පාදන පිරිවැය දරන්නෙත් Anushka Sharma ගේ Clean Slate Films චිත්‍ර‍පටි නිශ්පාදක ආයතනයයි. කෝටි 18ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය තිරඟත වුනේ 2018 මාර්තු මාසයේදියි. චිත්‍ර‍පටිය කෝටි 40ක බොක්ස් ඔෆිස් ආදයමක් තබන්නටද සමත් වුනා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම මේ චිත්‍ර‍පටිය ගෙතෙන්නේ ඉෆ්රිත් නැමැති යක්ෂ ආත්මයක් වටායි. ඒ ආත්මය ගැන තොරතුරු චිත්‍ර‍පටිය බලද්දි ඔයාලට දැනගන්න පුලුවන්. දැන් කතාව ගැන කිව්වොත් අර්නබ් තමන්ගේ දෙමව්පියන් සමඟින් මංගල යෝජනාවක් බැලිමට ගැණු ළමයෙක්ගේ ගෙදරට යනවා. මේ පිරිස ඒ ගෙදරින් සමු අරන් පාරේ එද්දි අර්න්බ් හා ඔහුගේ දෙමව්පියන් ගමන් ගත්ත වාහනයට එක පාරටම වයසක කාන්තාවක් හැප්පෙනවා. මේ වෙලාවේ වාහනය එලවන්නේ අර්නබ් ගේ පියා. පියාව මේ අනතුර කරපු එකෙන් බේරගන්න ඔවුන් පොලිසියට කට උත්තර දෙනවා මේ කාන්තාව සියදිවි නසාගන්න වාහනයට පැන්නා කියලා. ගම්වැසියන්ගෙන් මේ කාන්තාව ගැන විස්තර එකතු කරද්දිත් ඇය තරමක් අසාමන්‍ය ගතිපැවතුම් තිබ්බ කාන්තාවක් නිසා අර්නබ් කියපු කතාව පොලිසියේ අය පිලිගන්නවා. මේ හැප්පුන කාන්තාවට දුවෙක් ඉන්නවා. ඇය තමයි රුක්සානා (අනුෂ්කා ශර්මා) කියන්නේ. ඇයත් ටිකක් අමුතු ගතිපැවතුම් ඇති තරුණියක්. අර්නබ්ට රුක්සානා ගැන පොඩි අනුකම්පාවකුත් එනවා.. කොහොම හරි රුක්සානාගේ මවගේ අවසන් කටයුතු කරන්න සේරම උදව් කරන්නේ අර්නබ් තමයි.. අර්නබ් රැකියා කටයුතු නිසා කල්කටාවේ තනියම ගෙදරක තමයි වාසය කරන්නේ. දිනක් රෑට අර්නබ්ට ගේ ඇතුලින් සද්දයක් එනවා. ඔහු හොයලා බලද්දි දකිනවා රුක්සානා නැමැති තරුණිය ඔහුව හොයාගෙන නිවසට පැමිණ තිබෙනා බවට… මෙතැනින් එහාට කතාව බලලා දැනගන්න එක ඔයාලට බාරයි. මං මේ කතාවේ උඩින් උඩින් වගේ කිව්වේ. ඉෆ්රිත් යක්ෂ ආත්මයට මේ රුක්සානා එක්ක තියන ගනුදෙනුව මොකක්ද වගේම රුක්සානා ඇයි අර්නබ්ගේ නිවසට රෑ තනියම එක පාරටම ආවේ වගේ දේවල් චිත්‍ර‍පටිය බලලා දැනගන්න පුලුවන් වේවි.

මේ චිත්‍ර‍පටිය ආව ගමන්ම දැක්ක downloadhub කොපියට කලේ. බොහෝ විට හින්දි ෆිල්ම්වල එන හැම කොපියටම සබ් මැච් වෙනවා. කෝකටත් අපි දිලා තියන කොපියම බාගන්නකෝ. එහෙනම් ගිහින් එන්නම් තවත් චිත්‍ර‍පටියක් අරන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram