More

    Pei Mama (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද කට්ටියට ? මේ මගේ හත් වෙනි සබ් එක! ඉතින් මේ සැරේ අරන් ආවේ මම කරපු ෆිල්ම් ස්ටයිල් එකට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකේ නම පෙයි මාමා (හොල්මන් මාමා) මේ ෆිල්ම් එක යෝගී බාබුගේ (කොමඩි ෆිල්ම් එකක්). මේ ෆිල්ම් එකේ සබ් තිබ්බේ නැති නිසා ලයින් ඔක්කොම හදලා තමයි සබ් එක මට කරන්න උනේ , එපා වෙලා නවත්තන්න හැදුවම මතක් කරන්න ඕනේ ලහිරු උදයංගව එයා මේ ෆිල්ම් එකේ ටයිම් ලයින් බාගයක් මට කරලා දුන්නා (පාන්දර එකට වගේ ඇති මට එවලා තිබ්බම) ඒ නිසා මට සබ් එක කරන් යන්න ලේසි උනා. ඒ වගේම මේ සබ් එක කරේ TV රෙකෝඩ් කෝපියකට නිසා.. ඔරිජිනල් එක එනකන් හිටියා දෙන්න. ඔරිගීනල් එකට ටයිම් ටික ගානට හදලා දුන්නෙත් ලහිරු. කොල්ලටත් තැන්කිව් කියන ගමන් කතාව පැත්තට යමු..

    මේ ෆිල්ම් එකේ කතාවම පට්ටුමලයි කියලා බංගලාවක් වටා තමයි තියෙන්නේ ඒ බංගලාවට කවුරුවත් යන්න බයයි , ඇයි කිව්වොත් එහෙ හොල්මන් ඉන්නවා කියලා ප්‍රචාරයක් තියෙනවා ඉතින් කතාව පටන් ගද්දිම එක ගෑනු කෙනෙක් පට්ටුමලයි බංගලාව සල්ලි වලට ගන්න රියදුරා එක්ක කාර් එකෙන් යනගමන් ඉන්නවා , මගදි ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකක් ඉල්ලනවා..ඉතින් එයාලා ඒ කෙල්ලවත් දාගෙන කාර් එකෙන් යන්න පිටත් වෙනවා, ඒ කෙල්ල අර ගෑනු කෙනාගෙන් නිකන් ප්‍රශ්න වගයක් අහනවා.. ඒ කෙල්ල අහනවා ඔයාලා කොහෙද මේ යන්නේ කියලා අර ගෑනු කෙනා කියනවා අපි පට්ටුමලයි බංගලාව සල්ලි වලට ගන්න යන්නේ කියලා ඒ කෙල්ල බයවෙලා කියනවා ඔයාලා දන්නේ නැද්ද එහෙ හොල්මන් ඉන්නවා කියලා ඇයි ඒක ගන්න එහෙ යන්නේ කියලා රියදුරායි අර ගෑනු කෙනයි හිනාවෙනවා මොන හොල්මන්ද කියලා.. ඉතින් ඔන්න එතකොටම අර කාර් එකට නැග්ග කෙල්ලට හොල්මනක් වැහෙනවා

    * එතන ඉඳන් මොනවා වෙයිද ?
    * ඇත්තටම ඒ පට්ටුමලයි බංගලාවේ හොල්මන් ඉන්නවද ?
    * මොකක්ද ඇත්තටම මේ කතාවේ ඇත්ත නැත්ත ?

    කියලා බලාගන්න ෆිල්ම් එක බලන්න වෙනවා… මේ ෆිල්ම් එක ඇත්තටම ට්‍රෝල් ෆිල්ම් එකක් කිව්වොත් හරි බලන්නකෝ එතකොට තේරෙයි !! (කියන්න බැරි උනා මේකේ යෝගී බාබු හොරෙක්ගෙ චරිතයක් කරන්නේ , ලොකුවටම කොමඩි නැතත් ඉතින් බලන්න පුළුවන්) එහෙනම් මම ගියා බායි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Pei Mama (2021) සිංහල උපසිරැසි” Pei.Mama.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2784 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නාරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම බොහොම ස්තුතියි දෙන්නටම…
      Tamilmv එකේ තියෙන්නේ english සබ් එක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram