More

    Polite Society (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Polite Society (2023) Sinhala Subtitle

     

    බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්‍රපටියකට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් විදියට කෙනෙකුට නම් කරන්න පුළුවන්. එකම එක තැනක, පිරිමි කිහිපදෙනෙකුගේ නිරුවත් පශ්චාත් භාග දර්ශණයක් තියෙනවා. ඒ ඇරෙන්න, චිතපටියේ තේමාව සහ සමහර වචන, අපේ සංස්කෘතියේ විදියට අසභ්‍යයි හෝ කුඩා දරුවන්ට නුසුදුසු වෙන්න පුළුවන්. ඒ නිසා, දැනගෙන නරඹන්න.

    එංගලන්තයේ ජීවත්වෙන ඉන්දියානුවන් පිරිසක් ගැන තමයි කතාව දිවෙන්නේ. රියා සහ ලීනා කියන්නේ ඒකිනෙකාට ඉතා සමීප සහෝදරියන් දෙදෙනෙක්. රියා සටන් ශිල්පය ගැන උනන්දුවක් දක්වන අතරේම, එයාගේ අක්කා ලීනා, කලා කටයුතු වලට දක්ෂකමක් දක්වනවා. මේ හැමදේම වෙනස් වෙන්නේ, ලීනාව විවාහ කරගන්න, කඩවසම් දොස්තර කෙනෙක් ඉදිරිපත්වීමත් සමඟින්. මේ විවාහය රියාට බලපාන්නේ කොහොමද? ඇත්තටම මේ දොස්තර සලීම් කොහොම කෙනෙක්ද? හදිසි විවාහයක් සඳහා මෙයාලා සූදානම්ද? මේවා දැනගන්න, චිත්‍රපටිය නරඹන්නම වෙනවා.

    Nida Manzoor විසින් නිර්මාණය කරපු කතාවක් එයාම අධ්‍යක්ෂණය කරලා තමයි මේ චිත්‍රපටිය බිහිවෙන්නේ. Universal Pictures විසින් ලොව පුරා බෙදාහැරුණු මේ චිත්‍රපටිය හොඳ ආදායමක් ලබලා තියෙනවා කියලා තමයි ආරංචිය. රඟපෑමෙන් දායක වෙනවා Priya Kansara (රියා), Ritu Arya (ලීනා), Akshay Khanna (සලීම්), Nimra Bucha (රහීලා) ඇතුළු පිරිසක්.

    වැඩිය ප්‍රේක්ෂක ආකර්ෂණය නොලැබුණු, වෙනස්ම විදි‍‍‍හේ කතාවක් තමයි මේ චිත්‍රපටිය. IMDb 6.7, Rotten Tomatoes 90%, Google users 78% ‍‍මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. එක විදියකින් හොඳ අගයන් ටිකක්.

    හැමදාම කියනවා ව‍‍ගේ අපේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න. මේවායේ තියෙන වැරදි අඩුපාඩු, ගුණ දොස්, හොඳ නරක, ගල් මල් අපිට කියන්න. එහෙනම් හැමෝටම ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Polite Society (2023) සිංහල උපසිරැසි” Polite.Society.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3278 times – 815 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. බොහොම ස්තූතියි ඉල්ලීම ඉක්මනට ඉෂ්ට කරාට. තව තවත් මේ වගේ හොඳ වෙනස් ඒවා ගේන්න. දැනගත්තොත් කියන්නම්.
      ජයවේවා..

      • අනිවාර්යයෙන්ම ඔයාලාගේ ඉල්ලීම් වලට පුළුවන් තරම් ඉක්මනින් උපසිරැසි දෙනවා… මේ වගේ තව වෙනස් ලස්සන චිත්‍රපටි හමුවුනොත් අපිට කියන්න.. ස්තූතියි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram