spot_img

Project Silence (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Project Silence (2023) Sinhala Subtitle

 

ජන්ග්-වොන් චා කියන්නේ කොරියාවේ නීල මන්දිරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව බාරව ඉන්න කෙනෙක්. ජනාධිපතිවරණය ළඟ ළඟම එන නිසා, ඔහුගේ අපේක්ෂකයා, ආරක්ෂක ලේකම්තුමා දිනවන්න උපරිම උත්සාහයෙන් කටයුතු කරන කෙනෙක්. එයාගේ දුව, විදේශ අධ්‍යාපනය ලබාගැනීම සඳහා පිටත් කරන්න ගුවන්තොටුපොලට යන අතරේ, ගුවන්තොටුපොල පාලමේදී අති දරුණු මීදුමකට මැදි වෙනවා. මේ මීදුම කොතරම් ඝනයිද කියනවා නම්, වාහන විශාල ප්‍රමාණයක් එකිනෙක හැප්පිලා ලොකු අනතුරකුත් වෙලා තියෙනවා.

මේ සියල්ල අතරේ, නිහඬ ව්‍යාපෘතිය නම් පර්යේෂණයක් සඳහා දායක වුණු පර්යේෂකයන් සහ අදාල පර්යේෂණයට භාජනය වූවන් ප්‍රවාහනය කරන රථයකුත් මේ පාලමට ඇතුල් වෙනවා. මේ අනතුරු ගැන කිසිම දෙයක් නොදැන එන ඒ අයටත් සිදුවන්නේ, මේ ඝණ මීදුමට ඇතුල් වෙන්න. දැන් මොකද වෙන්නේ? මේ මීදුම සහ නිහඬ ව්‍යාපෘතිය අතර සම්බන්ධයක් තියෙනවාද? මේ නිහඬ ව්‍යාපෘතිය මොන වගේ එකක්ද? මේවා තියෙන්නේ චිත්‍රපටිය අතරේ.

Kim Tae-gon අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය CJ ENM ආයතනය විසින් බෙදාහැරුණා. රඟපෑමෙන් දායක වුනා Lee Sun-kyun (ජන්ග්-වොන් චා), Ju Ji-hoon (ආපදා වාහන රියදුරු), Kim Hee-won (පර්යේෂක ආචාර්යතුමා), Kim Su-an (ක්‍යුන්ග්-මින්) ඇතුළු පිරිසක්.

මේ චිත්‍රපටියේ web raings ගැනත් බලමු. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 5.6, Roten Tomaoes 46%, Google Users 92% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.

එහෙනම්, හැමෝම එකතු වෙලා මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳිමු. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මුල්, යෝජනා චෝදනා අපිට කියන්න. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram