spot_img
spot_img
More

    Raazi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 වර්ශයට අදාලව මෙතෙක් තිරගත වුනු චිත්‍රපට අතරින් හොඳම බොලිවුඩ් චිත්‍රපට තුනක් නම් කරන්න කිවුවොත් හැමෝගෙම ලැයිස්තුවේ මේ චිත්‍රපටයත් තියේවි. ‘රාසි’ මේඝ්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණයක්. ඇය Talvar (2015) චිත්‍රපටයෙත් අධ්‍යක්ෂකවරිය. තල්වාර් බලපු කෙනෙකුට නම් ඇයගේ අධ්‍යක්ෂණයේ තියෙන කුසලතාවය ගැන වෙනම පැහැදිළි කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. Raazi (2018)

    Action, Crime, Thriller කාණ්ඩයන් නියෝජනය කරන ‘රාසි’ චිත්‍රපටයේ IMDB අගය 7.9/10ක්. චිත්‍රපටය ගැන දළ අදහසක් ලබා ගන්න ඔය කියපු විස්තර ටිකෙන් පුලුවන් වේවි.

    හැරෙමු රංගනය දිහාවට. මෑත කාලයේ බොලිවුඩයට පායපු තරු අතරේ දීප්තිමත්ම තරු යුගලයක් අපිට ‍’රාසි’ චිත්‍රපටයෙදි හමු වෙනවා. ඒ ආලියා භාත් සහ විකී කෞෂාල්. ඔවුන් දෙපළගේ රංගන ප්‍රතිභාව ගැන මම අමුතුවෙන් වර්ණනා කරන්න වුවමනා නැති වේවි. තවමත් ඔවුන් දෙපළ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් ආලියාගේ Highway (2014), Udta Punjab (2016) සහ විකීගේ Masaan (2015), Raman Raghav 2.0 (2016) කියන චිත්‍රපට හතර නරඹන්න. ඒ හොඳටම ඇති. බොලිවුඩයේ සෑහෙන දුරක් යන්නට හැකි වේවි මේ යුවළට. මේ චිත්‍රපටයෙදිත් ඔවුන්ගේ රංගනය කැපී පෙනුනා. විශේෂයෙන්ම ආලියා භාත්ගෙන් දැක්කේ ‘හිච්කි’ චිත්‍රපටයෙදි රාණිගෙන් දැකපු රංගනයට නොදෙවෙනි රංගන කෞෂල්‍යයක්. ඉතින් මෙන්න ඉන්නවා 2018 වර්ෂයට ආදාලව පැවැත්වීමට නියමිත සම්මාන උළෙලවල් වලදී හොඳම නිළියට හිමි සම්මානයට තරඟ වඳින තවත් තරඟකාරියක්. ඇය සම්මානයක් දිනා ගනීවි, ඒ ගැන සැකයක් නැහැ.

    ඔබ දන්නවාත් ඇති ලෝකයේ බොහෝ රටවල්වල ආරක්ෂක අංශයේ සේවයට අනියුක්තව සේවය කරන ඔත්තුකරුවන් ලෝකය පුරාම ඉන්නවා. ඔවුන් තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ආදරණීයයන්ගෙන් වෙලා, ජීවිතය ගැනවත් හිතන්නේ නැතිව වෙනත් රටවල්ට වෙලා ඔත්තු බලනවා. තනිකරම නීති විරෝධී වැඩක්. නමුත් තමන්ගේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් ඔවුන් ඒ අවධානම ගන්නවා. හරි ඉන්දියාවට ඉතින් ඔත්තු බලන්න තියෙන්නෙ මොන රටේද? පාකිස්තානයේ මිසක්. ඉන්දියානු යුධ ජයග්‍රහණයන් වලදී ඔන්න ඔය කියන රහස් ඔත්තුකරුවන්ගෙන් ඉන්දියානු හමුදාවන්ට ලැබුනු දායකත්වය සුලුපටු නැහැ. ඔවුනුත් සැලකෙන්නෙත් යුධ වීරයන් හැටියට. නමුත් ඔවුන් ඉන්නේ තිරය පිටුපස. ඔවුන් ගැන ලෝකයට හෙලිදරවු වෙන්නෙ නැහැ. නම්බු නාම, තානාන්තර ලැබෙන්නෙ නැහැ. කොටින්ම ඔවුන් ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ. අන්න ඒ වගේ යුධ වීරවරියක් ගැන තමයි ‘රාසි’ චිත්‍රපටයෙන් කියවෙන්නේ.

    කතාව ගැන මෙහෙම කෙටියෙන් කියන්නම්… හිදායත් කියන්නෙත් ඉහත කී වර්ගයේ යුධ වීරයෙක්. ඔහුත් ඉන්දියාව වෙනුවෙන් සේවය කරපු ඔත්තුකාරයෙක්. පාකිස්තාන හමුදා නිළධාරියෙක්ව ඉතාම ලඟින් ඇසුරු කරමින් ඔහුටත් නොදැනෙන්න ඔවුන්ගේ යුධ රහස් හෙළිදරව් කරගත් කෙනෙක්. 1971 වර්ශයේ ඉන්දු පාකිස්තාන අර්බුදය උග්‍ර වෙමින් තියෙන සමයක පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල වෙන්න බොහෝ ඉඩකඩක් තියෙන කාලෙක හිදායත්ට සිද්ද වෙනවා‍ සේවයෙන් ඉවත් වෙන්න. ඒ ඔහුගේ පෙනහලු පිළිකාවක් නිසාවෙන්. තමන්ගේ සේවය රටට අවශ්‍යම කරන මෙහොතේ සේවයෙන් ඉවත් වෙන්න සිද්ද වුනු හිදායත් තමන්ගෙන් හිස් වුනු තැන පුරවන්න උසස් අධ්‍යාපනය ලබමින් සිටි, ඔත්තු බලන එක ගැන මෙලෝ හසරක් දන්නේ නැති තමන්ගේ එකම දියණිය සෙහෙමත්ව පාකිස්තානයට යවනවා ඔත්තුකාරියක් විදියට. ඇය පාකිස්තානයට යන්නේ කොහොමද? කිසිම පළපුරුද්දක් නැති ඇය මේ මාරාන්තික අභියෝගයට කොහොම මුහුණ දේවිද යන්න ගැන තමයි චිත්‍රපටයේ ඉදිරි දිගහැරුම. හැමෝටම නරඹන්න කියන නිර්දේශයත් කරන ගමන් විශ්වාසයෙන් යුතුවම කියනවා ඔබ මේ චිත්‍රපටය නරඹන්න ගත කරන පැය දෙක ගැන නම් පසුතැවෙන එකක් නෑ. එහෙනම් තවත් චිත්‍රපටයක් සමගින් හමුවෙමු. ඔබට සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Raazi (2018) සිංහල උපසිරැසි” Raazi.(2018).Sinhala.Subtitle.rar – Downloaded 1615 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram