spot_img

Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitle

 

2023 අවුරුද්දේ නිකුත් උන තවත් හින්දි චිත්‍රපටියක් තමයි අරන් ආවේ. Mikhil Musale ගේ අධ්‍යක්ෂණයෙන් වගේම Nimrat Kaur,Radhika Madan මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. වැඩි දෙයක් නැතුව කතාව පැත්තට ගියොතින්

අද කාලේ තාක්ෂණය අපිට සමිප වෙනවා වගේම මේ තාක්ෂණයත් එක්ක ඉද්දි වෙන යම්කිසි අත්වැරදිමකින් සමහර විට අපේ ජිවිතේම විනාස වෙන්නත් පුලුවන්.. සජිනි ශින්ඩේ කියන්නේ ක්‍රිර්තිමත් පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියක්. මේ අය සිංගප්පුරුවට යනවා ළමයි එක්ක රොබෝ ප්‍රදර්ශනයක් සදහා මේ අය ඉන්දියාවට එන්න ඉන්න අවසන් රාත්‍රියේ සජිනිගේ උපන්දිනේ නිසා එහේ තියන සමාජ ශාලාවකට යනවා. මේ අතරේ වෙන්න ඕනි නැති සිදුවිමක් විම හේතුවෙන් ඇයගේ විඩියෝවක් පාසලේ ගෘප් එකට අප්ලොඩ් වෙනවා. මේක ඉතාමත් වේගයෙන් හැම තැනම පැතිරිලා යනවා. පාසලේ ළමුන් අතර පවා… මේ නිසා ඇයව පාසලින් පවා අස් කරනවා. කොහොම හරි මේ සිදුවිම වෙලා දවස් දෙක තුනක් යද්දි ඇය අතුරුදහන් වෙනවා..

පොලිසියේ සැකේ යන්නේ ඇය ලගින්ම ආශ්‍රය කරපු අයට.. කොහොම වෙතත් තමන්ගේ දියණිය අතුරුදහන් උනත් පවුලේ ගෞරවය ගැන හිතෙන තාත්තා කෙනෙක්.. තමන්ගේ පෙම්වතිය අතුරුදහන් උනත් ඒ ගැන වගේ වගක් නැතුව තමන්ගේ ඇග බේරගන්න හදන පෙම්වතෙක්.. තමන්ගේ යහළුවාගේ අතුරුදහන්විම පිට දාලා තමන්ගේ වෘත්තිය හදාගන්න හදන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වගේම පාසලේ ගෞරවය ගුරුවරියකගේ ජිවිතයකට වඩා තැකිමක් කරන විදුහල්පතිවරියක් අතර තමන්ගේ සහෝදරිය ගැන හිතලා ඇය ගැන හොයන සහෝදරයෙක්… මේ හැමෝම අස්සේ මේ අයගේ පිඩනය නිසා අතුරු දහන් උන සජිනි ඇත්තටම මොනා කරගන්න ඇතිද? ජිවිතේ නැති කරගත්තාද? නැත්නම් ඇය මේ හැමෝටම පාඩමක් උගන්වන්න සැගවි සිටිනවාද? ඒ ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටිය බැලුවාම ලැබේවි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති  HD WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. අද තමයි මේක බාගත්තේ බලන්න. ලස්සනට සබ තියෙනවා. ස්තූතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram