spot_img
spot_img
More

    Secret Superstar (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    ඉන්සියා මලීක් (සයිරා වසීම්) කියන්නේ අනාගතයේ දක්ෂ ගායිකාවක් වෙන්නට සිහින දකින අවුරුදු 15ක පුංචි ගැහැණු ළමයෙක්. හැබැයි එයාට එහෙම හීනයක් දකින්න එයාගේ නපුරු තාත්තාගෙන් කිසිම අවසරයක් නෑ. මොකද එයාගේ තාත්තා ෆාරුක්ගෙන් (රාජ් අර්ජුන්) කොහෙත්ම කැමත්තක් නෑ ඇය මතු දිනෙක ගායිකාවක් වෙන එක ගැන. හැබැයි ඉන්සියාගේ අම්මා නස්මා (මෙහෙර් විජ්) ඉන්සියාට පුලුවන් හැම විදියකින්ම උදවු කරන හරිම ආදරණීය අහිංසක අම්මා කෙනෙක්. හැබැයි ඒ හැම උදවුවක්ම ඇය කරන්නේ තමන්ගේ සැමියාට එහෙමත් නැත්නම් ඉන්සියාගේ පියාට හොරෙන්. ඉන්සියාගේ පියා කොයි තරම් නම් නපුරු කෙනෙක්ද කිවුවොත් හැම සුලු වැරැද්දකටම ඔහු නස්මාට පහර දෙනවා. සෑහෙන වද වේදනා දෙනවා.

    ගායනයෙන් හැකි උපරිම ඉහළට යන්න ඒ කියන්නේ රටේ කවුරුත් හඳුනන සුපිරි තරුවක් වෙන්න ඉන්සියාටත් ඕන කරනවා. ඇය ගායන තරඟාවලියකට යන්න හැදුවත් ඇයගේ පියා ඊට විරුද්ධ නිසා ඇය ඒ අදහසත් අත්හැර දමනවා. හැබැයි ඇයට වුවමනා වෙනවා කොහොමින් හරි තමන්ගේ හඬ මුලු ලෝකයාටම ඇහෙන්න සලස්වන්න. හැමෝගෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය තරුවක් වෙන්න. ඇයට ඒ ගමනාන්තයට යන්නට තිබෙන හැම මාවතක්ම අවහිර කරගෙන ඇයගේ නපුරු පියා ඉන්නවා. නමුත් එක දවසක ඇයට පුලුවන් වෙනවා මවගේ උදවුවත් ඇතිව ඒ බාධකය මැඩගෙන ලෝකයා හමුවට තමන්ගේ හඬ අරගෙන යන්න. ඒ අපි කවුරුත් දන්න යූටියුබ් හරහා… ඉතින් ඒ විදියට තමන්ගේ ගායන හැකියාව ලෝකෙටම පේන්න අන්තර්ජාලයට මුදාහරින ඇයට පෙරළා ලෝකයෙන් මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙනවාද කියන එක තමයි කතාන්දරයේ ඉදිරි දිගහැරුම වෙන්නේ. දහසක් බාදක කම්කටොළු මැද්දේ තමන්ගේ සිහිනය සැබෑ කරගන්න වෙර දරන සියලුම දරුවන්ටත් ඒ සිහිනය හැබෑ කරලා දෙන්න ලේ කඳුලු දාඩිය වගුරවන ආදරණීය අම්මලාටත් මේ කතාන්දරය හරහා උකහා ගන්නට පුලුවන් දේ බොහෝමයි.

    Advait Chandan කියන අධ්‍යක්ෂකවරයාගේ පළමු අධ්‍යක්ෂණය විදියට නිර්මාණය වුනු ‘සීක්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය 8.1/10 ක IMDB දර්ශක අගයක් ලබා ගන්න සමත් වී තිබෙනවා. Drama, Family, Music කියන වර්ගීකරණයන් යටතට වැටෙන ‘සීක්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය නිශ්පාදනය කළේ අමීර් ඛාන් සමගින් කිරන් රාවෝ. අමීර් මේ චිත්‍රපටයෙදි ‘ශක්තී කුමාර්’ කියන සහය චරිතයටත් දායක වෙනවා. විචාරක හා ප්‍රේක්ශක් ප්‍රසාදය නොමදව දිනාගන්නට සමත්වුනු මේ චිත්‍රපටය ඉන්දියානු සිනමා සම්මාන උළෙලවල් ගණනාවකදී සම්මානයන්ට පාත්‍ර වුනා. 63 වෙනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි සම්මාන 10ක සඳහා නිර්දේශිත නාමයන් අතරට එක් වුනු ‘සීක්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය එහිදී සම්මාන කිහිපයක්ම දිනාගත්තා. හොඳම නිළියට හිමි විචාරක සම්මානය දිනාගන්නට ‘සයිරා වසීම්’ සමත් වෙද්දි හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනාගන්න ‘මෙහෙර් විජ්’ සමත් වුනා. ඒ වගේම චිත්‍රපටයේ ඇතුලත් වෙන ‘නච්දි ෆිරා’ ගීතයට හඬ දායකත්වය දුන්නු ‘මේග්නා මිශ්රා’ හොඳම පසුබිම් ගායිකාවට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය තමන් සතු කරගන්නත් සමත් වුනා.

    විචාරක ප්‍රසාදය ‍එහෙම වෙද්දි චිත්‍රපටයට ලෝකය පුරාම ලැබුනු ප්‍රේක්ශක ප්‍රතිචාර ගැනත් නොකියාම බෑ. එදා මෙදාතුර බොලිවුඩ් චිත්‍රපටයක් ලොව පුරා තිරගත කරමින් ලබා ගත් තුන්වන වැඩිම ආදායම ලබා ගන්නටත් ‘සීක්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය සමත් වුනා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 900කටත් වැඩි ආදායමක් ලබා ගනිමින්. අමීර්ගේ චිත්‍රපටයක් නම් ඉතින් ආදායම් වාර්තා ගැන අමුතුවෙන් කියන්න දෙයකුත් නෑ. හොඳයි එහෙනම් චිත්‍රපටය ‍නරඹපු නැති හැමෝටම ආරාධනා කරනවා සහ ඉහළින්ම නිර්දේශ කරනවා නොපමාව ‘සීක්‍රිට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය නරඹන හැටියට. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම යනවා නැවත සිංහල උපසිරැසියක් සමගින් හමුවන බලාපොරොත්තුව ඇතිව. සුභ දවසක්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Secret Superstar (2017) සිංහල උපසිරැසි” Secret.Superstar.2017.Sinhala.Subtitle.rar – Downloaded 537 times – 47 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram