spot_img

Shubh Mangal Saavdhan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ට්ක කාලයක් පමා උනා මේක දෙන්න.. හැබැයි ඉතින් නොදි ඉන්නේ නැහැ කියලා දන්නවා නොවැ කොහොම හරි ඉතින් කොරලා අරන් ආවා. මේක රිලිස් උනේ 2017 සැප්තැම්බර් මාසයේදි. මේ චිත්‍ර‍පටිය දමිළ චිත්‍ර‍පටියක ප්‍ර‍ති නිර්මාණයක් . දමිළ චිත්‍ර‍පටියේ නම තමයි Kalyana Samayal Saadham කියන්නේ. මං හිතන්නේ බහුතරයක් අනිවාර්යෙන් දමිළ චිත්‍ර‍පටිය නම් බලලා නැතුව ඇති. කොහොම හරි හින්දි චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Ayushmann Khurrana හා Bhumi Pednekar රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය R.S. Prasanna ගෙනී… චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්..

සුූගන්ධා කියන්නේ රුමත් තරුණියක්…ඇයව දැක්ක දවසේ ඉදන් මුදිත්ගේ හිතේ ආදරයක් ඇති වෙනවා. නමුත් මුදිත්ට ඒක කියාගන්න බැරුවයි ඉන්නේ. සුගන්ධා උනත් දන්නවා මුදිත් නිතර දෙවේලේ ඇය පස්සෙන් එන බව… ඇයත් හිත යටින් ඔහුට කැමැත්තෙන් ඉන්නේ නමුත් දින සති වලට පෙරලිලා ගෙවිලා ගියාත් මුදිත් නෙමෙයි සුගන්ධාගෙන් කැමැත්ත අහන්නේ… කොහොම හරි හිතේ හයිය අරන් මුදිත් අවසානයේ සුගන්ධා එක්ක කතා කරන්න ආවාත් පොඩි අකරතැබ්බයක් වෙලා එකත් මඟහැරි යනවා. මේ නිසා මුදිත් කෙලින්ම සුගන්ධාගේ ගෙදරට මඟුල්යෝජනාවක්ම යවනවා. ඔවුන් නම් එකපයින් කැමැති වෙනවා. නමුත් සුගන්ධාට නම් මේ තිරණය ගැන තරහා යනවා. ඇයගේ හීනයක් තිබ්බා ආදරය කරලා කසාඳ බදින්න. නමුත් මුදිත් ආදරය කරන්න කලින් කෙලින්ම කසාදේට යෝජනා කරපු එකට. නමුත් සුඟන්ධා මුදිත්ට හිත යටින් කැමැත්තෙන් හිටපු නිසා මේ සම්බන්ධයට කැමැති වෙනවා… කොහොම හරි පවුල් දෙකම කසාදේට ලැස්ති වෙනවා… නමුත් කසාදේට ලැස්ති වෙද්දි තමයි මුදිත්ට එක්තරා සිදුවිමක් නිසා දැනගන්න ලැබෙනවා කසාද බැන්දාම ඕනම කරන දෙයක් මුදිත් අතින් සපුරන්න බැරි බවට.  දැන් ඔය ඕනම එක මොකක්ද කියලා මං කියන්නේ නැහැ චිත්‍ර‍පටිය අරගෙනම බලන්නකෝ… සැබෑ ආදරය කියන්නේ රාඟයම නෙමෙයි කියලා චිත්‍ර‍පටියේ අදහසක් දෙන්න උත්සහා කරලා තියනවා… මං හිතන්නේ ඔවුන් ඒ පණිවිඩය දෙන්න හදන ක්‍ර‍මයත් සාර්ථකයි. එහෙනම් චිත්‍ර‍පටිය අරගෙනම බලන්න… මං ගියා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram