More

    Simmba (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න අද අරගෙන ආවේ හින්දි චිත්‍රපටි වලට ආදරේ කරන රසිකයන් බලාගෙනම හිටපු චිත්‍රපටියක් රන්වීර් සිං සහ සාරා අලි කාන් ප්‍රධාන චරිතයෙන් හැඩ උන Simmba… Action,Comedy,Crime වර්ගීකරනයෙන් තමයි රසිකයන් අතට පත්වෙන්නේ Simmba කියන්නෙ 2015 දී තිරගත උන Jr.NTR ගේ තෙලෙගු චිත්‍රපටිය Temper (2015) හි හින්දි Remake එක.මීට අමතරව මේ චිත්‍රපටියෙම දෙමල Remake එක ලගදීම ඔයාලට බලන්න හම්බවෙයි

    කොහොම නමුත් බොලිවුඩ් රසිකයන්නම් මේ චිත්‍රපටිය ඉහලින්ම පිලිගත්තා කෝටි 75ක වියදමෙන් නිමැවුන මේ චිත්‍රපටිය කෝටි 387ක් ආදයමක් අරගෙන,imdb 6.4 ක අගයක් සමග 2018 හොදම ආදායම් ලබපු බොලිවුඩ් චිත්‍රපටි අතරින් 4වන ස්ථානය හිමි කරගන්න සමත් වෙලා තියෙනවා

    කතාව ගැන කියනවනම්සං ග්‍රාම් බාලේ රාඕ (රන්වීර් සිං) පොඩි කාලේ ඉදන්ම පොලිසියට බැදෙන්න අරමුණත් එක්කම ජීවත් වෙන කෙනෙක්,හැබැයි මෙයා පොලිසියට බැදෙන්නේ දේශයට සේවාවක් කරන්නනම් නෙවෙයි,මෙයාගේ අරමුන වෙනමම එකක්, බාලේ රඕ කියන්නෙ සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන කෙනෙක්,ඉතින් මෙයාව දවසක් මීරාමාර් කියන පොලිස් ස්ථානයට මාරු වීමක් ලැබෙනවා,එහෙදී තමයි මෙයාට ශගුන් (සාරා අලි කාන්) ව හම්බවෙන්නෙ,එහෙම ආදර කතාවකුත් පොඩියට යන කොට තමයි දුර්වා රානාඩේ කියන මැරයත් එක්ක බාලේ රාඔ ප්‍රශ්නයක් ඇති කරගන්නේ,දුර්වා රානාඩේ කියන්නෙ ඒ පලාතේ ඉන්න ලොකුම් මැරයෙක්… ඉතින් මෙහෙම ප්‍රශ්නයක් ඇති උනේ,කොහොමද දැන් ඒක විසදගන්නේ සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන බාලේ රාඔ මොන වගේ තීරනයක් ගනියිද? චිත්‍රපටිය බලල, දැනගන්නකෝ ඒ වගේම චිත්‍රපටියේ ලස්සන සිංදු කිහිපයක්ම තියෙනවා,ඒ හැම එකක්ම වගේ ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලන්න පුළුවන්

    මේ චිත්‍රපටියෙන් ගොඩක්ම කතා කරන්නේ ඉන්දියාවේ කාන්තාවන් දූෂණයට පත් වීම සහ ඒ දූෂිතයන්ට නීතිය ක්‍රියාත්ම වෙන හැටි මේකෙන් ලොකු කතාවක් කියන්න රෝහිත් ෂෙට්ටි උත්සහ දරලා තියෙනවා කියලනම් පේනවා,Jr.NTR ගේ Temper චිත්‍රපටියේ සම්පූර්ණ Remake එකක නම් නෙවෙයි මේ චිත්‍රපටිය…. ප්‍රධාන කතා තේමාව අරගෙන තිබ්බත් තෙලෙගු චිත්‍රපටියට වඩා ගොඩක් වෙනස් කම් කරල තියෙනවා

    සිංගම් කතා මාලාවේ වීරයා බාජිරාඔ සිංගම් (Ajay Devgan)ඔයාලට මේ චිත්‍රපටියේ ආරාධිත රංගනයකින් දැකගන්න පුළුවන් වෙයි ඒ වගේම අන්තිමට ඔයාලට ඉගියක් දෙනව රෝහිත් ෂෙට්ටිගේ ඊලග චිත්‍රපටිය අක්ෂය කුමාර් එක්ක කරන Suryavanshi ගැනත් ඒ චිත්‍ර‍පටිය ඔයාලට 2020 දී බලන්න පුළුවන් වෙයි,එහෙනම් තවත් උපැසිරැසියකින් ඉක්මනටම හම්බවෙමු..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Simmba.2018.Sinhala.Subtitle.rar – Downloaded 954 times – 56 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram