spot_img
spot_img
More

    Simran (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Shahid (2012), Citylights (2014), Aligarh (2015) වැනි විශිෂ්ඨ ගණයේ චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂකවරයා වුනු හැන්සල් මෙහෙතාගේ නවතම සිනමා නිර්මාණය ලෙසින්‍ ප්‍රේක්ෂකයන් වෙත තිළිණ වුනු Simran චිත්‍රපටය ඔහුගේ 11වන චිත්‍රපට අධ්‍යක්ෂණයද වනවා. හැන්සල් මෙහෙතාගේ පෙර නිර්මාණ හා සැසඳීමේදි නම් මෙම චිත්‍රපටය බලාපොරොත්තු වූ මට්ටමේ නැහැ කියන එකයි මගේ පුද්ගලික් අදහස නම්. චිත්‍රපටයට පාදක කරගෙන තිබෙන්නේ ඇමරිකාවේ වාසය කළ ඉන්දියානු සම්භයවක් තියෙන සන්දීප් කෝර්’ නම් තරුණිය මුහුණ දුන් සත්‍ය සිදුවීම් පෙළක්. මෑත කාලයේ බොලිවුඩ් චිත්‍රපට පෙළගැස්ම දිහා ටිකක් විමසිල්ලෙන් බලද්දි පෙනෙන්නට තිබෙන කාරණයක් තමයි සත්‍ය සිදුවීම් සහ චරිත ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට, ඒ කිවුවේ චරිතාපදාන (Biopic) දැන් දැන් බොලිවුඩය තුළ වැඩි වශයෙන් නිර්මාණය වෙන්නට පටන් අරගෙන තිබෙන බව. ප්‍රමාණාත්මකව ඉහළ යද්දි ඒ අයුරින්ම නිර්මාණයන්හි ගුණාත්මකභාවයත් රැක ගන්නට නිර්මාණකරුවා උත්සුක වෙනවා නම් බොලිවුඩ් සිනමා රසිකයන් විදියට අපට චරිතාපදානයන් තුළින් උකහා ගන්නට පුලුවන් දෑ එමටයි.

    Crime, Drama, Romance, Thriller කියන වර්ගීකරණයන් අයත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Gangster (2006), Fashion (2008), Tanu Weds Manu (2011), Queen (2013), Rangoon (2017) වැනි චිත්‍රපට වල කළ රංගනයන් හරහා ප්‍රෙක්ශකයන්ගේ නොමද ආකර්ශණය දිනාගත් කන්ගනා රනෝත් විසින්.

    ප්‍රාෆූල් පටේල් (කංගනා) කියන්නේ තමන්ගේ මව සහ පියා සමගින් ඇමෙරිකාවේ වාසය කරන තරුණියක්. ඇයගේ සිහිනය වෙන්නේ ඇමරිකාවේ තමන්ටම කියා නිවසක් මිලදී ගන්න එක. ඒ වෙනුවෙන් ඇය නිරත වෙන රැකියාවෙන් ලබන වැටුපෙන් පවා සැළකිය යුතු මුදලක් ඉතිරි කරනවා. නිවස මිලදී ගැනීමට වුවමනා කරන මුදල සම්පූර්ණ කරගැනීම සඳහා ඇය බැංකුවකින් ණයක් ඉල්ලුම් කරනවා. එම ණය අනුමත වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇය විසින් සිදු කළ යම් වරදක් නිසාවෙන් ඇයට ණය ලබා දීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනවා. එතනින් එහාට තමයි කතාවේ හොඳම හරිය. බැංකු ණය ප්‍රතික්ෂේප වෙන්න ඇය කළ වරද කුමක්ද? එහි ප්‍රතිවිපාක කොතරම් කටුක වේවිද? ඇය වරද නිවැරදි කරගන්නට දරන වෑයම කෙබඳු වේවිද? පැය දෙකක කාලයක් පුරාවට ඇදී යන මේ කතාන්දරය ඇතුළේ ඒ හැම ප්‍රශ්නයකටම පිළිතුරු තියෙනවා. එහෙම නම් ප්‍රාෆුල් පටේල්ගේ ජීවන පරිවර්තනය නරඹා රසවිඳින හැටියට සිනමා රසික ඔබ සැමට ආරාධනා කරනවා. සුභ දවසක්! සතුටින් ඉන්න!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Simran (2017) සිංහල උපසිරැසි” Simran.(2017).Sinhala.Subtitle.rar – Downloaded 136 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram