More

    Sound Of Silence (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sound Of Silence (2023) Sinhala Subtitle

     

    ඔන්න අද ඔයාලට අරන් ආවා හොල්මන් චිත්‍රපටියක් මේක IMDb 4.2/10 වගේ අඩු අගයක් අරගෙන තියෙනවා ඒත් රේටින් අඩු වුනාට චිත්‍රපටිය හොඳයි. මේකෙ සද්ද වලට තමයි ටිකක් ගැස්සෙන්නෙ ඒ අතින් නම් හොඳයි. මේ චිත්‍රපටියෙ Daniele De Martino, Rocco Marazzita,Lucia Caporaso, Penelope Sangiorgi, Peter Stephen Wolmarans… වැනි නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. Stefano Mandala, Daniel Lascar, Alessandro Antonaci… වැනිඅධ්‍යක්ෂක මඩුල්ලක් දායක වෙනවා. අපි කතාව මොන වගේද බලමු..

    පීටර් විල්සන් ඒ තමයි එමාගෙ තාත්තා එයා කරන්නෙ පරණ බඩු එකතුකරන එක දවසක් මෙයා ගෙදරට එහෙම ගෙනාව රේඩියෝ එකක් හදනවා ඒක දාපු ගමන් එකපාරටම හොල්මනක් ඇවිත් නිහඬවෙන්න…! නිහඬවෙන්න…! කියලා කෑ ගහනවා. මෙයා ආතල් එකටත් එක්ක ඒක දිගටම දානවා. එතකොට අර හොල්මන එයාගෙ ඇඟට වැහිලා එමාගෙ අම්මට තුවාල වෙන්නම ගහනවා. ඒක අම්මා කෝල් කරලා එමාට කියලා එයාවත් ගෙන්න ගන්නවා ඉස්පිරිතාලෙට එතකොට දොස්තර කියනවා අම්මගෙන් හරියටම විස්තරේ අහගන්න කියලා මොකද වුනේ කියලා.. ඒක හරියට අහගන්න බැරිවෙනවා. එමා එයාගෙම ගෙදර යනවා අම්මා එපා කියද්දී එහෙ අමුතු දේවල් වෙනවා කියද්දිත්…. එමා යන්නෙ තනියම නෙමෙයි එයාගෙ කොල්ලත් එක්ක එමා දැනගන්නවා මේ ගෙදර මරණ තුනක් මීට කලින් වෙලා තියෙනවා කියලා… එමාට එයාගෙ ගෙදර ගිහින් හොඳින් ඉන්න ලැබෙයිද? එමාගෙ තාත්තට සනීප වෙයිද? එමාගෙ තාත්තට වැහුනු හොල්මන එමාගෙ කොල්ලටත් වැහෙයිද?…. මේ ප්‍රශ්න සේරටම උත්තර ඔයාලා මේ චිත්‍රපටිය බැලුවොත් ලැබෙවි… මේක කියන්න ඕනා මේ චිත්‍රපටියෙ ඇතැම් ශබ්ද නිසා පොඩි අය වගේම සුළු දෙයටත් බියට පත්වෙන අය නම් බලන්න එපා කියනවා… මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Sound Of Silence (2023) සිංහල උපසිරැසි” Sound.Of.Silence.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1210 times – 10 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි පසිඳු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram