spot_img

Sukhamano Sukhamann (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sukhamano Sukhamann (2026) Sinhala Subtitle

අද අරන් ආවේ මලයාලම් චිත්‍රපටියක්. මේ කතාව ගැන කිව්වොත් තියෝ කියන්නේ අම්මා තාත්තා නොමැතිව තනිවම ගෙදරක වාසය කරන පිරිමි ළමයෙක්. ගමේ අය මේ කොල්ලාට කියන්නේ මෙන්ටල් කියලා. මොකද මේ කෙනා තනියම කතා කරනවා දකින නිසා. ඇත්තටම තියෝ තනියම කතා කරනවා නෙමෙයි තියෝට මැරුණ අයව පේනවා. කොහොම හරි මෙහෙම අයිනක් ගහලා ඉන්න තියෝගේ ජිවිතේ සම්පුර්ණයෙන් වෙනස් වෙන්නේ එයාට අහම්බෙන් හම්බවෙන මිය ගිය පුද්ගලයන් කිහිප දෙනෙක් නිසා. මේ හැමෝම තියෝ තමන්ගේ නිවසට රැගෙන යනවා. එයාලාව පවුලක් කරගන්නවා. තියෝට ජිවත්ව ඉන්න කිසිම කෙනෙක් හොදින් කතා නොකලත් මේ මැරුණට පස්සේ එන අය තියෝට තමන්ගේ අය වගේ සලකනවා. ජිවත්ව ඉන්න අයට බය නිසා තියෝ හිතනවා තමන්ගේ පෙම්වතියත් මැරුණ කෙනෙක් උනා නම් හොදයි කියලා. ඉතින් තියෝ හා මේ කට්ටිය කරන්නේ තරුණ වයසින් මැරුන ගැණු ළමයි ඉන්නවාද කියලා හොය හොය යන එක…. මෙහෙම කතාව ඇහුවාම ඔයාලට ටිකක් කොමඩි පැත්තට බර චිත්‍රපටියක් වගේ දැනුනාට මුල් පැයින් පස්සේ නම් කතාව සැහෙන සංවේදි පැත්තකට අරන් යනවා…

Arunlal Ramachandran විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Mathew Thomas,Jagadish හා Devika Sanjay ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා…

මං අර කිව්වා වගේම ටිකක් විනෝදනේ බලන්න වගේම දෙයක් හිතන්න කැමැති චිත්‍රපටියක් බලන්න හිතනවා නම් මේක හොද චිත්‍රපටියක් වේවි. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

ආදිත්‍ය සිංහවන්ශ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ස්තූතියි ආධිත්‍ය සහෝ මේ වෙනස්ම විදිහේ මූවිඑකට සිංහල සබ් අරං ආවට

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram