spot_img

Tera Intezaar (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2017 වසරේ දෙසැම්බර් මස තිරඟත වුන චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් එන්නේ. මේක තමයි සනි ලියෝනි මැත කාලයේ රඟපාපු අවසන් චිත්‍ර‍පටිය.. තවත් ඇය රඟපාන චිත්‍ර‍පටි කිහිපයක් නිකුත් වෙන්න තියනවා කියලා සටහන් කරලා තිබුනාත් එවා ගැන තාමත් හරි හමන් නිල නිවේදනයක් නැහැ. ඉතින් මේ ආපු සනි ලියෝනිගේ චිත්‍ර‍පටිය ගොඩක් අය සබ් එක දෙන්නේ නැත්ද කියලා අහලා තිබ්බා. අපේ සනි ලියෝනිගේ සේරම චිත්‍ර‍පටි කලින් කලේ ප්‍රමෝද් කියලා මතක ඇති නේ. එත් ඉතින් දැන් සනි ලියෝන්ව අමතක වෙන්න කෙනෙක් හම්බුන නිසාදෝ මේ චිත්‍ර‍පටිය කරන එක පස්සට දා දා හිටියා. ඉතින් තවත් පරක්කු කරන්නේ නැතුව මම මේක කරලා ඔයාලා වෙනුවෙන් අරන් ආවා..

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් කලින් කිව්වා වගේම මේකේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Sunny Leone හා Arbaaz Khan විසින්. මේ දෙන්නා ගැනම හින්දි සිනමාවේ රසිකයන්ට අමුතුවෙන්ම කියන්න උවමනා නැහැ නේ… මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Raajeev Walia විසින්… චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්… රෝනක් (Sunny Leone) හා වීර් සිං (Arbaaz Khan) කියන්නේ පෙම්වතුන් දෙන්නෙක්… විර්ගේ විනෝදංශය තමයි චිත්‍ර‍ අදින එක. මේ චිත්‍ර‍ නිසාම තමයි විර්ට රෝනක්වත් හමුවෙන්නේ… නමුත් එක දිනක් රෝනක් බලද්දි විර් අතුරුදහන් වෙලා තියනවා… ඒ විතරක් නෙමෙයි විර් එක්ක මේ අයත් එක්ක ටිකක් සතුරන් වගේ හිටිය හතර දෙනෙකුත් අතුරුදහන් වෙලා. රෝනක් හොයන්න පුලුවන් හැම තැනකම විර්ව හොයනවා. නමුත් කිසිම හොඩුවාවක් හොයාගන්න ඇයට නොහැකි වෙනවා.. රෝනක්ට ටික ටික තේරුම් යනවා මොකක් හරි ලොකු සිදුවිමක් සිදුවෙලා තියනවා කියලා.. ඒ විතරක් නෙමෙයි මේ හැමදේටම විර්ගේ චිත්‍ර‍ත් හේතුවක් කියලා ඇයට තේරුම් යනවා.. එතැනින් එහාට මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා…. මේ චිත්‍ර‍පටිය ඔබ සනි ලියෝනිගේ රසිකයෙක් විතරක් නම් බලන්න කියලා නිර්දේශ කරනවා… මොකද ලොකු කතාවක් චිත්‍ර‍පටියේ කියන්න හැදුවාත් අධ්‍යක්ෂණය හා කතාව ගලා යාම නම් ටිකක් මදි වගේ හොදටම තේරෙනවා… සනි ලියෝනිගේ රසිකයෙක් නම් ඉතින් චිත්‍ර‍පටිය මොක උනත් අවුලක් නැහැ නේ .. කොහොම හරි ලස්සන ගීත කිහිපයකුත් අන්තර් ගත වෙනවා මේ චිත්‍ර‍පටියේ.. එහෙනම් කැමැති අයට බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබට සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram