spot_img

The Commuter (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සැහෙන කාලෙකට පස්සේ තමයි ඉංග්‍රිසි ෆිල්ම් එකක් සම්පුර්ණයෙන්ම කරලා අරන් ආවේ මතක විදියට ජනවාරි පලවැනිදා A Street Cat Named Bob (2016) චිත්‍ර‍පටිය දුන්නාට පස්සේ තමයි ආපහු ඉංග්‍රිසි එකක් කලේ. මේක කරන්න හේතුවක් උනේ කාලේකින් හොද ඇක්ෂන් ත්‍රීලර් ඉංග්‍රිසි එකක් බැලුවේ නැත්නම් මේක ඒකට හොද විසදුමක් වේවි. ඉංග්‍රිසි ඇක්ෂන් ෆිල්ම් වල ඉන්න අපි දැකලා පුරුදු නළුවෙක් වන Liam Neeson මෙහිත් ප්‍ර‍ධාන චරිතය කරන්නේ. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Non-Stop චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරපු Jaume Collet-Serra විසින්. චිත්‍ර‍පටියේ කතාව ගැන කෙටියෙන්ම කියන්නම් කෝ… මයිකල් කියන්නේ අවුරුදු 60ක් වයස තමන්ගේ රස්සාවත් අහිමි වෙලා ණය ගොඩකට හිරවෙලා ඉන්න කෙනෙක්. ඔහු දිනක් තමන් වැඩ කරලා ඉවර වෙලා දුම්රියේ යද්දි නන්නාදුනන කාන්තාවක් හම්බවෙනවා. ඇය මයිකල්ට අපුරු යෝජනාවක් කරනවා. දුම්රියේ ගමන් ගන්න එක මඟියෙක්ව හොයාගන්න උදව් උනොත් ඩොලර් ලක්ෂයක් දෙනවා කියලා ඒකට අත්තිකාරමක් විදියට ඩොලර් 25000ක් ඇය මුලින්ම ඔහුට ලබා දෙනවා. හැබැයි මේ යෝජනාව බාර අරගෙන මේ මුදල ගත්තොත් මයිකල්ට මේ වැඩේ නොකර දුම්රියෙන් බහින්න නම් වෙන්නේ නැහැ. මයිකල් දෙපාරක් හිතන්නේ නැතුව මේ මුදල අරගන්නවා වගේම එතැනින් එහාට මුණ දෙන්නේ ප්‍ර‍ශ්න ගොඩකට තමයි… මුළු චිත්‍ර‍පටියම දුම්රියේම තමයි යන්නේ… හොද ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න කැමැති නම් ඔන්න චිත්‍ර‍පටිය අරන් බලන්න. මං ගියා ඕං.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram