spot_img

The First Purge (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මේ අරන් එන්නේ පර්ජ් චිත්‍ර‍පටි මාලාවේ සිව්වැන්නයි… කලින් චිත්‍ර‍පටි ත්‍රිත්වයම මමම කරපු නිසා මේකත් ඔයාලා වෙනුවෙන් අරන් ආවා. හැබැයි පොඩි ප්‍ර‍මාදයක් නම් උනා… මං කලින් කිව්වාත් වගේ මේක පර්ජ් චිත්‍ර‍පටි මාලාවේ සිව්වැන්නයි. මේ චිත්‍ර‍පටියෙන් පෙන්වන්නේ පර්ජ් වැඩසටහන කෙසේද නිර්මාණය උනේ කියන එක හා පලවෙනි පර්ජ් එහෙමත් නැත්නම් පවිත්‍ර‍ කිරිමේ වැඩපිලිවෙල කොහොමද උනේ කියලා. මේ පර්ජ් වැඩසටහන මුලින්ම නිර්මාණය උන එකයි මේකෙන් යන්නේ කියලා කලින් චිත්‍ර‍පටි ත්‍රිත්වය නරඔන්නේ නැතුව නම් මේක නරඔන්න යන්න එපා. මේ චිත්‍ර‍පටිය හොදට වැටහෙන්න නම් අනිවාර්යෙන්ම කලින් චිත්‍ර‍පටි තුනම නරඔලා ඉන්න එක වටිනවා. .. පර්ජ් චිත්‍ර‍පටි මාලාව නිකුත් වෙන්නේ වසර දෙකකට සැරයක්… කලින් චිත්‍ර‍පටිය නිකුත් උනේ 2016 වසරේ. මං හිතන්නේ 2020 වසරෙත් පර්ජ් චිත්‍ර‍පටියක් නිකුත් වේවි. එහෙම වෙන්න හේතුවකුත් තියනවා ඒ මේ චිත්‍ර‍පටිමාලාවේ ඇති ජනප්‍රියතාව. කොහොම හරි මේ ජනප්‍රියතාව නිසාම රුපවාහිනි කාතාමාලවකුත් දැනටම නිකුත් වෙලා තියනවා. ඒ කතාමාලාව අවසන් උනාම එකත් උපසිරැසි එක්ක නරඔන්න ලැස්ති වෙලා ඉන්න කියන එකත් මතක් කරනවා.

අද මේ අරන් ආපු චිත්‍ර‍පටිය ගැන කතා කලොත් මං කලිනුත් කිව්වා වගේ මේ චිත්‍ර‍පටියේ පෙන්වන්නේ පර්ජ් වැඩසටහන ආරම්භ උනේ කොහොමද කියන එක. ඔවුන් මේක පර්යේෂනයක් විදියට තමයි පටන් ගන්නේ. නිව්යොර්ක් නඟරයට ආසන්න ස්ටේටන් දුපතේ තමයි මේ පර්ජ් වැඩසටහන මුලින්ම ආණ්ඩුවෙන් කරලා බලන්නේ. ඒක කොයිතරම් සාර්ථක වෙනවාද කියන එක ඔබට නරඔලාම තමයි දැනගන්න වෙන්නේ. The Purge 2 Anarchy චිත්‍ර‍පටිය නැරඔපුවා නම් ඔබ දකින්න ඇති මේ දිනයේ ආණ්ඩුව විසින්ම මිනිසුන් මැරිමේ කූට සැලැස්මක් නිර්මාණය වෙලා තිබ්බා කියලා. ඒකත් හේතු උන කාරණා සියල්ලටම අද මේ චිත්‍ර‍පටිය උත්තර සපයාවි. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ හොද ක්‍රියාදාම ටිකකුත් දකින්න පුලුවන්.. එහෙනම් අරන් නරඔන්න… හින්දි චිත්‍ර‍පටියකින් ලඟදිම මුණගැහෙමු.

Purge කලින් නිකුත් වු චිත්‍ර‍පටි පහලින් ලබාගන්න..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram