spot_img

The Foreigner (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් සුපිරිම ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් තමයි මං කාලේකට පස්සේ ආවේ. මේක ගෘප් එකේ සබ් එක කරන්න දාලා තිබ්බ නිසාම මං අහද්දි දර්ශන සබ් එක කරන්නත් අරන්. කොහොම හරි එහෙනම් ඉතුරු ටික මට කරන්න කියලා දිපු නිසා ඔන්න මට පුලුවන් ඉක්මනට සබ් එක දාලා අරන් ආවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Martin Campbell විසින්. මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ Stephen Leather ගේ The Chinaman නම් කෘතියයි. මෙහි ප්‍ර‍ධාන චරිත සදහා Jackie Chan හා Pierce Brosnan යන ජනප්‍රිය නළු යුගලය රංඟනයෙන් දායක වෙනවා. කාලේකට පස්සේ ජැකි චැන් කොමඩි ඇක්ෂන් චිත්‍ර‍පටි වලින් මිදිලා සිරියක් කැරැක්ටර් එකක් කරනවා දකින්න පුලුවන් වේවි.

කතාව ගැන කිව්වොත් එහෙම කුආන් (ජැකි චැන්) ගේ ආදරණිය දුව තමයි ෆැන් කියන්නේ. ඇය කැම්පස් එකේ පාටි එකකට අදින්න තමන්ගේ තාත්තා එක්ක යනවා ඇදුමක් ගන්න. කොහොම හරි මේ කඩේ ගාව ත්‍ර‍ස්තවාදින් තියපු බොම්බයක් පුපුරා යනවා. මේකෙන් ෆැන් මිය යනවා. කුආන් නිතරම ත්‍ර‍ස්තවිමර්ශන කාර්යාලයට යනවා තමන්ගේ දුවව මේ නිරපරාදේ මරලා දැම්ම ත්‍ර‍ස්තවාදින්ව කොටුකරගත්තාද කියලා අහන්න. නමුත් හැමදාම ඔවුන්ගේ උත්තරය වෙන්නේ අප විමර්ශන කටුයුතු කරන් යනවා කියලා විතරයි.තමන්ගේ දුවව මරපු ත්‍ර‍ස්තවාදින්ට එරෙහිව මේ තාත්තා හිතනවා තමන්ම පලිය ගන්න කියලා. කුආන්ට මේ තමන්ගේ දුවව මරපු ත්‍ර‍ස්වාදින්ව හොයාගන්න පුලුවන් වේවිද? තනි මනුස්සයෙක් කොහොමද පොලිසියට හෝ හමුදාවටත් කරන්න බැරි උන දෙයක් කරන්නේ? ඒක දැනගන්න මේ චිත්‍ර‍පටිය බලන්නම වේවි. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram