More

    The Predator (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Deadpoolට පස්සේ R-rated movie එකක් මෙච්චර හිනා වෙවී බැලුවමද කොහෙද….ඒක නෙගටිව් පොයින්ට් එකක් කියල කියන්නෙ නෑ. ඒක අයත් වෙන්නෙ Entertaining value එකට. වින්දනාත්මක ගුණය ඉහළින්ම තිබුන නිසා The Predator කියන්නෙ මම විඳපු නිර්මාණයක්. හැබැයි ගැටලුකාරී බොහෝ දේ තිබේවි. ප්‍රේක්ෂකයාගෙන් ප්‍රේක්ෂකයාට මෙය දැනෙන විදිහේ වෙනස්කම් තිබේවි. “Franchise එක විනාශ කරලාය, හෙන ගොංය, මොකට හැදුවද” ආදී වශයෙන් වන අවම ප්‍රතිචාරයන්ද පවතීවී. නමුත් පොදුවේ ගත් කල mixed bag එකක් කියන එක තමයි වඩාත්ම ගැළපෙන්නේ..

    Predatorව මුලින්ම දකින අවස්ථාව මතක් කළොත් චිත්‍රපටයේ අවසන් භාගයෙදි තමයි සම්පූර්ණ සැකැස්ම පවා revealed වෙන්නෙ. ඊට පස්සෙ චිත්‍රපට කීපයකින්ම මේ Brutal alien විලෝපිකයාව දකින්නට ලැබුනා. ඉතින් අපිට හැඩහුරුකම හොඳින්ම හුරුයි. හැබැයි මෙතනදී දකින්නට ලැබෙන Predator ගේ ශරීර ප්‍රමාණයේ විශාලත්වය, වේගවත් බව, රෞද්‍ර බව නිකම්ම නිකම් රබර් සූට් එකක් ඇඟලා ගෙන කරපු ඉදිරිපත් කිරීමකට එහා ගියපු දෙයක් බවට වඩාත් තදින් දැනෙන ආකාරයකින් නිර්මාණය කර තිබුනා. Research facility පලා යන අවස්ථාවේදී සිදුවන වේගවත් සහ ප්‍රචණ්ඩකාරී පහරදීම් ඇතුලු එවැනි බොහෝ brutal අවස්ථාවන් තුළදී ඒ නියම ප්‍රෙඩේටර් ගතිය හොඳින්ම ඉස්මතු කරවා තිබුනා.

    අනික් පැත්තෙන් වැඩේ බාගෙට බාගයක්ම ප්‍රහසනකාරීයි. මුලිනුත් සඳහන් කලා වගේ R-rated Sci-fi alien චිත්‍රපටයක් ඇතුලේ මෙච්චරටම හිනා වෙන්න ලැබුන එකත් “වෙනමම ආතල් එකක්” තමා. පෙර ප්‍රෙඩේටර් චිත්‍රපට වලට ඇතුලත් නොවූ මේ ගුණාංගය මට නම් හරිම පොසිටිව්. එක පැත්තකින් මස්, ලේ ආදියෙන් පිරිච්ච අන්තිම කුරිරු ඝාතනයන් එක්ක අනික් පැත්තෙන් ඉල ඇඳෙන ජෝක්ස්. මට නම් වැඩේ බැලන්ස්.

    ඒ වගේම Franchise එක දිහාට අවධානය යොමු කලොත් සෑම චිත්‍රපටයකදීම දකින්නට ලැබුනා new Predators, new weapons, new history ආදී වශයෙන් මේ mythology එක සැරින් සැරේ විවිධාකාරයේ දේවලින් පුරවාලන ආකරය. මෙතනදීත් ඒ දේ සාර්ථකව සිද්ද කරල තිබුනා easter eggs ඇතුලත්ව.

    Cast එක “අවුලක් නෑ” කියල කියන්න පුලුවන්. එක්තරා විදිහක A-team එකක්. පෙර සඳහන් කරපු Comedy humor එක තදින්ම බලපැවැත්වෙන අපූරු bond එකක් හැමෝම අතර තිබුනා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “The Predator (2018) සිංහල උපසිරැසි” The.Predator.2018.Sinhala.Subtitle.rar – Downloaded 912 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රවිඳු සසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram