spot_img

The Princess Switch 3 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Princess Switch 3: Romancing the Star (2021) මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් NetFlix ඉදිරිපත් කරපු චිත්‍රපටියක්. මේක කලින් අවුරුදු දෙකක එලි දැක්වුණු Princess Switch (2018) සහ Princess Switch: Switched Again (2020) චිත්‍රපටිවල තුන්වෙනි දිගහැරුම. පළවෙනි චිත්‍රපටියේදී කුමාරිකාවට සමාන තව කෙනෙක් හමුවුණා. දෙවෙනි කතාවේදී ඒකට ඒ හා සමාන තව කෙනෙකුත් හමුවුණා. දැන් මේ තුන්වෙනි කතාව.

Robin Bernheim සහ Megan Metzger ගේ නවකතාවක චරිත ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටියේ කතාව ගොඩනගාගෙන තියෙන්නේ.  සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය කරන්නේ Mike Rohl විසින්. රඟපෑමෙන් එක්වෙන්නේ කලින් චිත්‍රපටි වල රඟපෑමෙන් දායක වෙච්ච අයමයි. Vanessa Hudgens (ෆියෝනා, මාග්‍රට් රැජිණ සහ ස්ටේසි), Remy Hii (පීටර් මැක්ස්වෙල්), Sam Palladio (එඩ්වඩ් කුමරු), Florence Hall (මින්ඩි) ඇතුළු පිරිසක්.

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. මාග්‍රට් රැජිණට මේ නත්තලේදී නත්තල් ගහේ තරුව විදියට තියන්න, වතිකානුවෙන් ලැබෙනවා පෞරාණික වටිනාකමක් ඇති සාමයේ තාරකාව. මේ තාරකාව දැඩි ආරක්ෂාව මධ්‍යයේ මාලිගාවට ගෙනාපු දවසේම අතුරුදහන් වෙනවා. මේ තාරකාව හොයාගන්න උදව් වෙන්න ඉදිරිපත් වෙන්නේ ෆියෝනා. දැන් ඉතිරි කතාව ගෙවෙන විදිය, තාරකාව හොයාගන්න පුළුවන්ද, කවුද ඇත්තටම මේක හොරකම් කරන්නේ, වගේ දේවල් දැනගන්න මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram