More

    The White Storm 3 Heaven Or Hell (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The White Storm 3 (2023) Sinhala Subtitle

     

    අද මම අරගෙන ආපු උපසිරැසිය The White Storm චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කතාවට. The White Storm: Heaven or Hell (2023). පළවෙනි දෙක, The White Storm (2013) සහ The White Storm: Drug Lords (2019) චිත්‍රපටි දෙකත් පුළුවන් අය බලලා ඉන්න. මේ චිත්‍රපටියේ කතාවට ඒවායේ ලොකු සම්බන්ධතවායක් නැති වුනත්, මේකේ එන චරිත, ඒ චිත්‍රපටි වලින් ආරම්භ වෙච්ච ඒවා. අනික, මේ චිත්‍රපටිය, ඒ කතා මාලාවේ දෙවෙනි එකේ දිගුවක් වගේ තමයි තියෙන්නේ. කතාව තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් සම්බන්ධයෙන් නිසා, සමහර දර්ශණ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලා කෙනකුට තර්ක කරන්න පුළුවන්. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය නැරඹුවොත් හොඳයි.

    හොංකොං පොලිසියේ රහස් පරීක්ෂණ විමර්ෂකවරයෙක්, වෙස්වලාගෙන යනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අල්ලන්න. ඒ හෙරෙයානි සහ වෙනත් මත්ද්‍රව්‍ය රටට ගෙන්වන ආකාරය සොයාගන්න. මේ මෙහෙයුමේදී සිදුවෙන්නේ කවුරුවත් නොසිතූ දේවල්. තමන්ගේ වෙස්වලාගැනීම අසුනොවෙන්න මැරයෙක් විදියට රඟපාන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත්, ඒ කාර්යය සාර්ථක කරගන්න, ලොකු කැපකිරීම් කරන්න වෙනවා. මේ චිත්‍රපටියේ ඒ ගැන හොඳට කතා කරනවා. විස්තර දැනගන්න, මේ උපසිරැසියත් එක්කම චිත්‍රපටිය නරඹන්න.

    Herman Yau විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ නිෂ්පාදන කණ්ඩායම Universe Entertainment ආයතනය ඇතුලු පිරිසක්. Cantonese භාෂාවෙන් වැඩිපුරම කතා කරන නිසාම, මුල් නිකුතුව කලේ චීනයේදී. ඉංග්‍රීසි කතා බහ අඩුවෙන්ම සිදුවෙන චිත්‍රපටියක් තමයි මේක. රඟපෑමෙන් දායක වෙනවා, Aaron Kwok (බිලී), Sean Lau (මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ලොක්කා), Yang Caiyu (නූන්) ඇතුළු පිරිසක්.

    චිත්‍රපටියේ web ratings ගැනත් වචනයක් කියන්න හිතුවා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 5.8, Rotten Tomatoes 98%, Google Users 87% ක් තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.

    එහෙනම්, සුපුරුදු පරිදි, අපේ මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල හොඳ නරක, වැරදි අඩුපාඩු, ගල් මල්, ගුණ දොස් අපිට කියන්න. එහෙනම් ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “The White Storm 3 (2023) සිංහල උපසිරැසි” The.White.Storm.3.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1447 times – 781 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ………
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram