today-is-a-good-day
More

    The Witch Part 1 – The Subversion (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වෙනසකටත් එක්ක කොරියානු චිතපටයක් උපසිරැසි ගන්වන්න හිතුනා. Park Hoon-jung විසින් අධ්‍යක්ෂණය කරපු Action, Mystery යන වර්ගීකරණයන්ට අයත වන මෙම චිත්‍රපටයේ IMDB දර්ශක අගය 7.1/10ක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක වියදමින් නිර්මාණය වුනු මෙම චිත්‍රපටයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 24.4ක් ලෙසින් තමයි වාර්තා වෙන්නේ. මේ චිත්‍රපටය පැය දෙකක් පුරාවට කම්මැලි නැතිව ලොකු කුතුහලයකින් බලන්න පුලුවන් චිත්‍රපටයක් බවට වගකීමෙන් කියන්න පුලුවන්. තුන් ඈදුනු චිත්‍රපට මාලාවක (Trilogy)පළමු චිත්‍රපටය ලෙසිනුයි The Witch: Part 1 – The Subversion (2018) නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම චිත්‍රපට මාලාවේ ඉතුරු චිත්‍රපට දෙකත් ඉදිරියේදී නිර්මාණය වීමට නියමිතයි.

    පිටිසරට වන්නට ගොවිපලක් බලාකියාගනිමින් ජීවත්වන යුවලකට හමුවෙනවා තමන්ගේ ගොවිපල පිහිටි භූමියේ වැටී සිටීයදී දරුණු ලෙස තුවාල ලැබූ කුඩා දැරියක්.ඉක්මන් ප්‍රතිකාර නිසා ජීවිතය බේරුනත් හිසට සිදූ වූ තදබල හානිය නිසා එම දැරියට සම්පූරණයෙන්ම මතකය අහිමව යනවා. අඩුම වශයෙන් ඇයට තමන්ගේ නමවත්, වයසවත් මතක‍යේ රැදෙන්නේ නැහැ. ඇය එම නිවසේම හැදී වැඩෙනවා ජායූන් කියන නමින්.

    වසර 10ක් පමණ ගත වෙද්දී ජායූන් හදාවඩා ගත් දෙමවුපියන්ද ආදරෙයන් බලාගනිමින් හොඳින් අධ්‍යාපන කටයුතුද හදාරමින් සිටිද්දී ඇයට පවුලේ අගහිඟකම් තදින් දැනෙන්නට පටන් ගන්නවා. මව දැඩි ලෙස රෝගාතුර වීම නිසා ඇය මහත් සිත් පීඩාවට පත්වෙමින් ඉද්දි ඇයට දැනගන්නට පුලුවන් වෙනවා නවක ගායක ගායිකාවන් තෝරන තරඟාවලියක් ගැන. එහි ජයග්‍රාහකයන්ට ලැබෙන මුදල් ත්‍යාගය ගැන හිතන ජායූන් එම මුදල් ත්‍යාගය දිනාගෙන නිවසේ විය පැහැදම්වලට උදවු වෙන්නට සහ මවගේ රෝගය සනීප කරගන්නට කල්පනා කරමින් එම තරඟයට ඉදිරිපත් වෙනවා. ඇය දක්ෂ ලෙස තරඟයේ ඉදිරියටම ගමන් කරද්දී ඇයව රූපවාහිනියෙන් මුලු රටටම දකින්න ලැබෙනවා. අන්න එතැනින් එහාට ජායූන්ට සිද්ද වෙනවා නොසිතූ විරූ බිහිසුනු අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්නට. ඇයව සොයාගෙන ඇයගේ බියකරු අතීතය ලුහුබඳින්න ගන්නවා. ජායූන්ගේ වැලලී ගිය අතීතය ගැන දැන කියාගන්නට නම් ඔබට චිත්‍රපටය නරඹන්නටම වෙනවා. තවත් උපසිරැසියක් සමගින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා. සුභ දවසක්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” The.Witch.Part.1.2018.Sinhala.Subtitle.rar – Downloaded 1075 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. thanks for subtitles

      request-

      Dark Figure of Crime (2018)
      Keys to the heart (2018)
      The Attorney (2013)
      Thirst (2009)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram