spot_img

Trapped (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් ඊයේ රෑ නිකුත් උණු චිත්‍ර‍පටියක් තමයි පට ගලා සබ් දාලා අරන් ආවේ. ෆිල්ම් එකේ නම දැක්කාම තේරෙනවා නේ මොන වගේ කතාවක්ද තියෙන්නේ කියලා.මෙහි ප්‍ර‍ධාන චරිතය අපි කවුරුත් දන්න Rajkummar Rao ගේ රංඟනයෙන් තමයි හැඩවෙන්නේ… කතාවත් කියන්නම් කෙටියෙන්. ශෞර්යා කියන්නේ ටිකක් ලැජ්ජ බයට ඉන්න මස්මාළු එහෙම කන්නේ නැති තැන්පත් චරිතයක්. ඔහුට ඔෆිස් එකේ ඉන්න ගැණු ළමයෙක්ට හිත යනවා. ඇය නූරී. නුරීත් එක්ක ශෞර්යා හිමිට යාළුවෙනවා. මිතුරෙක් විදියට. එතකොට තමයි දැනගන්නේ ඇයට ගෙදරින් කසාදයක් කතා කරලා දිලා තියනවා කියලා. නමුත් ඔහු නූරීට ආදරය කරනවා. නූරීට අවසානයේ ඔහු විවාහ යෝජනාවක් කරනවා. ඇය කැමැති වෙනවා හැබැයි ඇය එක කොන්දේසියක් දානවා ඒ තමයි තමන්ටම කියලා ඉන්න තැනක් ශෞර්යාට හොයාගන්න කියලා. ඔහු අතේ ඒ වෙලාවේ වැඩි මුදලකුත් නැහැ නමුත් ඔහු හිතාගන්නවා කොහොම හරි ෆ්ලැට් එකක් ගන්නවා කියලා. ඔහුගේ අරමුණ ඉටු වෙනවා. ඔහු ෆ්ලැට් එකක් කුලියට ගන්නවා. හැබැයි නොසිතු විරූ විදියට ඔහුට ඒ ගෙදර හිරවෙලා ඉන්න සිදුවෙනවා… ඒ කොහොමද? ඇයි ඔහුට එලියට ඒ ගන්න බැරි වෙන්නේ…. මේ සේරටම උත්තර දැනගන්න විනාඩි 100ක් මේ චිත්‍ර‍පටිය සමඟින් කාලය ගත කරන්න. ගිහින් එන්නම් තව චිත්‍ර‍පටියක් අරන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram