spot_img

Tubelight (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලයක් බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. චිත්‍ර‍පටිය නිකුත් උනේ නම් පෙරේදා. නමුත් ඇවිල්ලා තියන ඉංග්‍රිසි සබ් එක නම් මේලෝ වැඩකට නැහැ. ඔයාලා ඉංග්‍රිසි සබ් එක දාලා බැලුවා නම් පෙනේවි ටයිමින් කියන වෙලාවට නෙමෙයි යන්නේ. ඒ මදිවට තේරුමත් වෙනස්. ඉතින් අසා ලිවිමක් වගේ තමයි මේක කලේ. මොකද සල්මන්ගේ කාලයක් බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් ආවට ගියාට දෙන්න බැහැ නේ.

මේ චිත්‍ර‍පටිය Kabir Khan ගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ Bajrangi Bhaijaan එහෙම සුපර් හිට් එකක් උනා මතක ඇති නේ. හැබැයි මේ පාර ටියුබ්ලයිට් එකටත් උනේ ඔහුගේ කලින් චිත්‍ර‍පටිය Phantom එකටම උන වැඩේ තමයි. ලොකු ගානක් හම්බකලාට සුපර් හිට් එකක් වෙන්න බැරි උනා. හැබැයි ෆැන්ටම් චිත්‍ර‍පටිය නරඔපු අය දන්නවා ඇති ඒක සුපිරිම ෆිල්ම් එකක් කියලා. ඒ වගේම මේ පාර ටියුබ්ලයිට් චිත්‍ර‍පටියත් සුපර් හිට් එකක් වෙන මට්ටමට නම් ලඟා උනේ නැහැ. හැබැයි චිත්‍ර‍පටිය නම් ඉතාමත්ම හොදයි කියලා කට ඇරලා කියන්න පුලුවන්. Salman Khan,Sohail Khan,Om Puri මෙහි ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙනවා ඊට අමතරව Zhu Zhu කියන චින ජාතික නිලියකුත් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත්… ඔබ විශ්වාස කරනවාද ඔයාට හිතේ තියන විශ්වාසයෙන් හැමදේම කරන්න පුලුවන් කියලා? එහෙම හිතේ දැඩි විශ්වාසයක් තියන් ඉන්න කෙනෙක් තමයි ලක්ෂ්මන් කියන්නේ. ලක්ෂ්මන් ටිකක් විතර මනසින් මුහුකුරා ගිහින් නැහැ. ඉතින් හැමෝම ලක්ෂමන්ට විහිළු කරන්නේ ටියුබ්ලයිට් කියලා. ලක්ෂ්මන්ගේ මල්ලි තමයි භාරත් කියන්නේ. ලක්ෂ්මන්ගේ මුළු ලෝකයම තමයි ඔහුගේ මල්ලි භාරත්. පොඩි කාලේ ඉදන්ම… ලක්ෂ්මන්ව වීරයෙක් විදියට සලකන්නේ ඔහුගේ මල්ලි භාරත් තමයි… කොහොම හරි මෙහෙම කාලය ගෙවිගෙන යද්දි තමයි ඉන්දියානු දේශසිමාවේ සටන් ඇවිලෙන්නේ…චිනුන් විසින් ඉන්දියානු දේශසිමාවට පහර දෙන්න ගන්නවා. මේ නිසා ඉන්දියාව හමුදාව ඉන්දියාවේ තරුණයින්ට ආරාධනා කරනවා ආමි එකට එකතු වෙන්න. භාරත් තිරණයක් ගන්නවා හමුදාවට බැදෙන්න… කොහොම හරි භාරත් හමුදාවට බැදිලා දේශසිමාවට යනවා යුද්ධ කරන්න… භාරත් මේ විදියට තමන්ව දාලා යන එක ගැන ලක්ෂ්මන් වැඩි හිත්මනාපයකින් නෙමෙයි ඉන්නේ… කොහොම හරි ඉන්දියානු දේශ සිමාවේ යුධමය තත්වය එන්න එන්න වැඩි වෙනවා. ලක්ෂ්මන් විශ්වාස කරනවා භාරත්ට කරදරයක් නොවි ඇති කියලා… නමුත් දවසක ආරංචියක් එනවා..

මෙතැනින් එහාට කතාව ඔයාලම බලන්න. මං මේ එහෙන් මෙහෙන් කිව්වේ. මිට වැඩිය කතාව ගොඩක් රසවත් විදියට ගලාගෙන යනවා. පවුලේ හැමෝටම විනෝදෙන් බල්න පුලුවන් චිත්‍ර‍පටියක් විදියට මේක නම් කරන්න පුලුවන්. එහෙනම් බලන්න මං ගියා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram