spot_img

URI The Surgical Strike (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අලුත්ම අලුත් චිත්‍ර‍පටියකට උපසිරැසි අරන් තමයි මේ ආවේ… මේ දවස් වල තියෙන පකිස්ථාන ඉන්දියානු යුද්ධයටත් ගැලපෙනම චිත්‍ර‍පටියක් තමයි මේක කියලා කිව්වොත් මං නිවැරැදියි. කොහොම හරි ඒ නිසාද මන්දා කෝටි 45ක් විතර වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය අද වෙද්දි කෝටි 347කට අධික අදායමක් ලබමින් තවමත් තිරඟත වෙන්නේ.. මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2019 ජනවාරි 11 වැනිදා.. නමුත් අන්තර්ජාලයට පිටපතක් නිකුත් උනා දැන් දවස් දෙකකට විතර කලින්. හැබැයි ඉංග්‍රිසි උපසිරැසි රහිතව… ඉතින් අසාලිවිමක් කරලා තමයි මේක අරන් ආවේ… මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. මේ ඔහුගේ පළවෙනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය. ප්‍ර‍ධාන චරිත ලෙස Vicky Kaushal,Yami Gautam,Paresh Rawal හා Kirti Kulhari රංඟනයෙන් දායක වෙනවා

මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ සැබැම සිදුවිමක්… ඒ 2016 අවුරුද්දේ සැප්තැම්බර් මස 18 වැනිදා ජම්මු සහ කාශ්මීර් හි URI හමුද කදවුරට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයයි…. මේ ත්‍ර‍ස්ත ප්‍ර‍හාරය දශක දෙකකට පසුව ඉන්දියානු දේශසීමාවේ සිදුවූ දරුණුම ගැටුම ලෙස තමයි වාර්තා වෙන්නේ… Jaish-e-Mohammed කල්ලිය විසින් සිදුකල මෙම ප්‍රහාරය සාර්ථකව මැඩ පවත්වන්නට ඉන්දියානු හමුදාවන්ට හැකි වුනා… නමුත් මේ ගැටුමේදි ඉන්දිය හමුදා නිළධාරීන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුනා. ඉතින් මේ සිදුවිමෙන් එහාට වුන දේ තමයි මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ.. ඉන්දියාව විසින් මේ ප්‍ර‍හාරයට එරේහිව සර්ජිකල් ස්ට්‍රයික් මෙහෙයුමක් දියත් කරනවා. සර්ජිකල් ස්ට්‍ර‍යික් කියන්නේ සතුරාගේ බලකොටුවටම සැඟවි ගොස් පහර දි නැවත පැමිණෙන එන. කොහොම හරි මේක සැබැ සිදුවිමක් නිසාම ඉන්දිය ආරක්ෂක අංශවල අධික්ෂණය යටතේ මේ චිත්‍ර‍පටිය නිර්මාණය කරන්න නිශ්පාදක කණ්ඩායමට සිදුවුනා කියලා තමයි ආරංචි වෙන්නේ.

මං කලින් කිව්වා වගේ මේ චිත්‍ර‍පටියේ කොපියක් ඉතාමත් ඉක්මනින් පිටවුන නිසා සමහර කොපි වල සවුන්ඩ් නම් කොලිටි මට්ටමක නැහැ. ඩවුන්ලොඩ් හබ් එකේ කොපිය නම් ගුණාත්මක තත්වයෙන් ටිකක් තොරයි කියලා කියන්නම ඕනි. අපි හොදම කොපි දෙකක් අපේ සුම්ලින්ක්හබ් සයිට් එකේ දිලා තියනවා. අනිවාර්යෙන්ම එකෙන් චිත්‍ර‍පටිය ගත්තොත් ඔයාලට අවුලක් වෙන එකක් නැහැ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram