spot_img

Vikram Vedha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අපොයි මේක දැන්ද දෙන්නේ කියලා අහන අයට මුලින්ම කියන්නේ තියෙන්නේ ඔව් ගොඩක් පරක්කු උනා මොකද මේ ෆිල්ම් එකේ කොපියක් නෙට් එකට ආව සැනින්ම සබ් එක කරන්න බාරගත්ත කෙනෙක් සබ් එක නිසියාකාරව කරලා තමන්ගේ වගකිම ඉටු නොකරපු නිසා. මම දෙමළ ෆිල්ම් බලනවා ගොඩක් අඩුයි එත් මේ ෆිල්ම් එක වටින් පිටින් හොදයි කියලා ඇහෙද්දි මං මේක බලන්න හිතුවා. එත් සබ තාම දාලා නැති නිසා මේ ගැන අහද්දි තමයි ඇඩ්මින් කිව්වේ සබ් එක කොට උඩ තියෙන්නේ කියලා. කොහොම හරි දර්ශන මේකේ පොඩි තල්ලුවක් දිලා තිබ්බ නිසා මං හිතුවා උදව්වක් විදියට ඉතුරු ටික ගොඩ දාලා දෙන්න. ඕක තමයි පරක්කු උන කෙටිම කාරණාව.

R. Madhavan හා Vijay Sethupathi දෙදෙනාම රංඟනයෙන් දායක වන මේ චිත්‍ර‍පටිය වාර්තා ගණනාවක්ම පිහිටුවා. ඒ වගේම මෙහි ප්‍ර‍ධාන චරිතය රඟපාපු මාධවන් මාධ්‍ය වලට කියලා තිබ්බා මේ චිත්‍ර‍පටියේ බොලිවුඩ් ප්‍ර‍ති නිර්මාණයක් පවා කරන්න හොද මට්ටමක තියෙනවා කියලා. කොහොම හරි මේ කතාවට තේමාවක් වෙලා තියෙන්නේ දමිළ ප්‍රසිද්ධ ජන කතාවක් වන වික්‍රමාදිත්ය රජු සහ භූතයා (King Vikramaditya and Betal) යන කතාව. කතාවට අනූව වික්‍රමාදිත්‍ය රජු භුතයාව පිටේ තියාගෙන උස්සන් එන විට භුතයා කියනවා ඔබට මම කතාවක් කියන්නම් ඒ කතාව අවසානයේ පැනයක් තියෙනවා ඒකට හරි උත්තරේ දුන්නේ නැත්නම් ඔබගේ ඔලුව පැලිලා මැරෙනවා කියලා. එවැනි සමානම කතාවක් තමයි මෙහි යන්නේ. වික්‍ර‍ම් කියන්නේ පොලිස් නිලධාරියෙක්..අපරාධ කරුවන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ කෙලින්ම එතැනම වෙඩි තියලා මරලා දානවා.. එතකොට වේධා කියන්නේ දරුණු අපරාධකාරයෙක්. වික්‍ර‍ම් විසින් වේධාව අසුකරගන්න යන ආකාරය තමයි චිත්‍ර‍පටිය පුරාවට අපුර්ව ලෙස පෙන්වා දෙන්නේ. කොහොමත් සමහර අය ඉන්නවානේ දෙමළ ෆිල්ම් බලන්නේම නැහැ කියලා ඒ අයත් මේක බැලුවාට වරදක් නැහැ. එහෙනම් මං ගියා.. ලඟදිම හමුවෙන්නම් ඉංග්‍රිසි චිත්‍ර‍පටියකින්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram