today-is-a-good-day
More

    Village of the Damned (1995) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Village of the Damned (1995) Sinhala Subtitle

     

    සුභ දවසක් වේවා හැමෝටම ! අද මම Village Of The Damned (1995) ඉංග්‍රීසි චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙන zoom.lk වෙබ් අඩවියට ගොඩ වදින්නයි මේ සූදානම් වෙන්නේ . ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කලොත් John Carpenter අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් වගේම Rotten Tomatoes අගය 30%ක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. Horror/Sci-fi ඝනයට තමයි අයිතිවෙන මේ චිත්‍රපටය මුලින්ම තිරඟත කරල තියෙන්නේ 1995 වර්ෂයේ අප්‍රේල් 28 වන දින. මේ චිත්‍රපටය සඳහා Christopher Reeve(1980 වර්ෂයේ සුපර්මෑන් චිත්‍රපට මාලාවේ සුපර්මෑන් ලෙස රංගනයෙන් දායක වූයේ මොහුයි) , Linda Kozlowski, Kirstie Alley, Michael Paré , Mark Hamill යන ප්‍රසිද්ධ දක්ෂ නලු නිලි කැලක් රංගනයෙන් දායක වෙනවා.

    මේ චිත්‍රපටයට මූලික වෙන්නේ 1957 දී John Wyndham විසින් රචිත The Midwich Cuckoos නම් විද්‍යා ප්‍රබන්ධ ,Horror නවකතාවයි. ඒ වගේම 1960 වර්ෂයේත් මේ පොත අනුසාරයෙන් Village Of The Damned නමින්ම චිත්‍රපටයක් නිර්මාණය වුණා.

    එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටයේ සියලුම සිදුවීම් සිදු වෙන්නේ  මිඩ්විච් කියන හුදකලා ගම තුළයි. මිඩ්විච් කියන්නේ ඉතාමත් සාමකාමී ගමක්.නගරයේ මිනිස්සු ඉතාමත් හොඳින් ජීවත් වුණේ. එක දවසක මේ නගරයේ මිනිස්සු,සත්තු හැමදෙනාම අත්භූන විදිහට උදේ 10.00 එකපාරටම නින්දට වැටෙනවා. හැබැයි මේ නගරය තුළ විතරයි .නගර සීමාවෙන් පිටත ඉන්න අයට කිසිම බලපෑමක් නෑ. ඒත් මේකට හේතුව හොයාගන්න බැරි වෙනවා.විශ වායුවක්, න්‍යශ්ටික හේතුවක් නිසා ඇතිවුණා කියල උපකල්පනය කළත් ඒවට කිසිම සාක්ෂියක් හොයා ගන්න බැරිවෙනවා. ඒත් පැය කීපයකින් හැමෝම නින්දෙන් ඇහැරෙනවා. ඒත් ටික දවසක් ගෙවිලා යනකොට ගමේ කාන්තාවන් බොහෝ දෙනෙක් ගැබ් අරගෙන කියල දැනගන්න ලැබෙනවා. නමුත් පුදුමයට කාරණය වෙන්නේ මේ සියලු ගැබ් ගැනීම් එදා අත්භූන සිදුවීම සිදු උන දවසේ ඉදල සිදු වුණා කියල පෙනෙන්නට තිබීමයි . ඉතින් ඇත්තටම මේකට හේතුව මොකක්ද ? ඒක දැනගන්න ඕන නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. ඔයා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න ඕන චිත්‍රපටයක්.කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් අවසානය තෙක් කුතුහලය රැදිල තියන චිත්‍රපටයක් තමයි මේක. නොසිතූ අවසානයක් චිත්‍රපටයේ තියෙනවා. එහෙනම් ගිහින් එන්නම් තවත් දවසක මේවගේ උපසිරැසියක් අරන්. ජයවේවා !

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Village of the Damned (1995) සිංහල උපසිරැසි” Village.of.the.Damned.(1995).Sinhala.Subtitle.rar – Downloaded 464 times – 612 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    මාවන් ගීතාංජන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. මේ වගේ පරන හොරර්,ත්‍රිලර් ඒවා තව දෙන්න

    2. ගොඩක්ම ස්තූතියි මාවන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Leave a Reply to කලන Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram