spot_img

Viswasam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sivakumar Jayakumar විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍ර‍පටිය තමයි මේ විදියට අරන් එන්නේ… Veeram,Vedalam,Vivegam චිත්‍ර‍පටි සියල්ලත් මේ අධ්‍යක්ෂකයාගේම නිර්මාණ තමයි… ඒ කලින් චිත්‍ර‍පටිවල හිටියා වගේම මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතය කරන්නේ Ajith Kumar විසින්… මිට අමතරව ප්‍ර‍ධාන නිළිය විදියට Nayanthara රංඟනයෙන් දායක වෙනවා. මේ වසරේ ජනවාරි දහාවැනිදා තමයි මේ චිත්‍ර‍පටිය ලොවපුරා තිරඟත කිරිම ආරම්භ කරන්නේ.. අජිත් කුමාර්ට දමිළ සිනමාවේ විශේෂ ෆැන් බේස් එකක් ඉන්නවා. කොහොමත් තමන්ගේ වයස සඟවන්නේ නැතුව ඒ වයසටම ගැලපෙන චරිත වලට තමයි මොහෙු බොහෝමයක්ම පේනි ඉන්නේ… පසුගිය වසරේ තිරඟත වු Vivegam අදායම් අතින් සාර්ථක උනත් චිත්‍ර‍පටිය විචාරක මට්ටමින් අසාර්ථක උන නිසා නැවතත් ඔහුට ගැලපෙන චරිත වලටම අජිත්කුමාර් පැමිණ සිටිනවා. මේ චිත්‍ර‍පටියෙත් ඔහු ගම්බද පුද්ගලයෙකුගේ චරිතයක් තමයි නිරුපණය කරන්නේ..

තූකදොරේ (අජිත්) කියන්නේ තේනි දිස්ත්‍රික්කේ ගමක ජිවත් වෙන පුද්ගලයෙක්… මොහු ඒ පලාතේ මැරයෙක් නෙමෙයි නමුත් මැරයෝ සේරම මොහුට බයයි. මොකද පලාතේ මිනිස්සු ගොඩක් ගෞරව කරනවා මොහුට.. කොහොම හරි මේ ගමට නිරන්ජනා කියලා කියලා වෛද්‍යවරියක් එනවා සායනයක් පවත් වන්න. කොහොම හරි ඒ බව නොදැන තුකදොරේ ඇයත් එක්ක පොඩි අවුල් ඇති කර ගන්නවා..ඉතින් මේ අඩදබර අස්සේ කොහොම හරි මේ ගමේ ඉන්න දවස් ටිකට නිරන්ජනා හා තුකදොරේ අතර සම්බන්ධයකුත් ඇති වෙලා දෙන්නා කසාද බදිනවා.. මොවුන්ට දරුවෙකුත් ලැබෙනවා… නමුත් ඇය පොඩි කාලේම තුකදොරේ නිසා ඇයට අනතුරක් සිද්ධ වෙනවා… මේ නිසාම නිරන්ජනා හා ඔහු අතර අමනාපයක් ගොඩනැගෙනවා.. ඇය තමන්ගේ දරුවත් අරන් මුම්බායි වලට පිටත් වෙනවා එහෙම යන්නේ ආයේ ජිවිත කාලේම තමන්ව හෝ තමන්ගේ දරුවාව හම්බවෙන්න එන්න එපා කියලා තුකදොරේට අනතුරු අඟවලා…නමුත් පිය සෙනෙහස කියන්නේ හංඟගෙන ඉන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ… ක්‍රියාදාම වගේම ආදරයත් තියෙන මේ කතාව නරඔන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram