spot_img
spot_img

Would You Rather (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුභ දවසක් වේවා හැමෝටම . ඔන්න කාලෙකට පස්සේ මම තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් අරගෙන ආවා.මේ චිත්‍රපටයයේ නම තමයි Would You Rather( ඔයා වඩා කැමති මොකටද ). මේ චිත්‍රපටය IMDB අගය 5.7 ක් වගේම Rotten Tomatoes අගය 59%ක් හිමි කරගෙන තියෙනවා ඒ වගේම මේක Horror/Thriller ඝනයට අයිති වෙනවා.චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරල තියෙන්නේ 2021 පෙබරවාරි 8 වැනිදා . චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 33 වෙනවා.

ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ David Guy Levy විසින්.මේ චිත්‍රපටයේ Brittany Snow, jeffrey Combs, Enver Gjokai, Charlie Hofheimer, Robin Lord Taylor , Eddie Steeples යන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.ඒවගේම කුතුහලය අවසානය තෙක් රැදෙන චිත්‍රපටයක් මේක.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු . කතාවේ ප්‍රධාන චරිතය තමයි අයිරිස් කියන්නේ . එයාට උසස් පාසල් ගමන නවත්තන්න වෙනවා. මොකද එයාගේ දෙමාපියන්ව අනතුරකින් මියගිය නිසා.ඒක නිසා එයා තමන්ගේ මල්ලිවත් එක්කරගෙන ගමට එනවා රස්සාවක් හොයා ගන්න . මෙයාගේ මල්ලි ලියුකේමියා රෝගියෙක් . එයාට ඉක්මනින්ම ඇටමිඳුළු බද්ද කිරීමේ සැත්කමක් කරන්න ඕන. මේ නිසා එයා ගොඩක් මූල්‍යමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.මේ අතරතුර අයිරිස්ගේ මිතුරෙක් වෙන දොස්තර බ්‍රැන්ඩන් ඇයගේ සියලුම ප්‍රශ්න විසදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියල කියනවා. ඉතින් අයිරිස් මේ දොස්තර බ්‍රැන්ඩන් හමුවෙන්න යනවා. එතනදී මේ ශෙපර්ඩ් ලැම්බ්‍රික් කියන පුද්ගලයාව අයිරිස්ට හදුන්වා දෙනවා. ඔහු අයිරිස් ට කියනවා  ඔහුගේ ලැම්බ්‍රික් පදනමින් ඇයගේ සහෝදරයාට උදව් කරන්න පුළුවන් කියල.හැබැයි නිකම් නෙවෙයි . ඒකට තරගයකින් දින්න වෙනවා. ඉතින් මේ ප්‍රශ්න නිසා අයිරිස් තීරණය කරනවා තරගයට යන්න. ඇත්තටම මොකක්ද මේ තරගය .ඇයට මේ තරගයෙන් දිනල සහෝදරයව බේර ගන්න පුළුවන් වෙයිද . ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. එහෙනම් ගිහින් එන්නම් තවත් දවසක මේවගේ උපසිරැසියක් අරන්. ජයවේවා !

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Would You Rather (2012) සිංහල උපසිරැසි” Would.You.Rather.(2012).Sinhala.Subtitle.rar – Downloaded 1204 times – 760 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

මාවන් ගීතාංජන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Rajitha Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram