36 Farmhouse (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පහුගිය ජනවාරි 21 වැනිදා අන්ත්ජාලයට මුදාහැරුනු චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් එන්නේ.. Ram Ramesh Sharma විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය කොමඩි හා ඩ්‍රාමා ඝණයට අයත් වුවක්.. Sanjay Mishra , Vijay Raaz ,Amol Parashar හා Barkha Singh මෙහි ප්‍ර‍ධාන චරිත නිරුපණය කරනවා.

කතාව ගැන කිව්වොත් එහෙම මේ කතාවේ සිදුවිම වෙන්නේ 2020 කොවිඩ් වසංගතය පැතිරෙන්න ගත්ත මුල්ම දවස් වල.. මතක ඇතිනේ කොවිඩ් පැතිරෙන්න ගත්තාම මුළු ලොකේම රටවල් ලොක් ඩවුන් කලා කියලා. ඉතින් ඉන්දියාවෙත් එක පාරටම දාපු මේ ලොක් ඩවුන් එක නිසා කොච්චි බස් සේරම ගමනාගමනය නවත්තලා දැම්මා. ටවුන් වල හිරවෙලා හිටපු අයට ගම් වලට යන්න උනේ පයින් ඇවිදගෙන.. ඉතින් මේ කාලයේම නගරයෙන් ටිකක් ඇත ලොකු විලා එකක් තිබුනා. ඒ ෆාම් හවුස් එකේ ලිපිනය තමයි 36 කියන්නේ.. කොහොම හරි මේ ගෙදර අයිති වෙලා තිබ්බේ පවුලක ලොකු අයියාට. නමුත් ඒ පවුලේ තව සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. ඒ අයත් මේ ඉඩමට ඇහැගහන් තමයි ඉන්නේ. නමුත් අම්මා ඉන්නේ ලොකු අයියා එක්ක නිසා අම්මා තමන්ගේ ලොකු පුතාට තමයි මේ මුළු අක්කර ගානක ඉඩමම ලියලා තියෙන්නේ..මේ ගැන දැනගන්න ලැබුන ගමන් අනික් සහෝදරයෝ දෙන්නා නිතිඥයෙක් එවනවා එහෙම ගෙදර තනියම බුක්තිවිදින්න බැහැ හැමෝටම සම අයිතිය තියෙන්න ඕනි කියලා. මේක අහපු ලොකු අයියා ඒ නිතිඥයා එක්ක බහින්බස් වෙලා ඇති වුන රණ්ඩුවකින් නිතිඥයාව මරා දමනවා. ඔතැනින් තමයි කතාව ආරම්භ වෙන්නේ..

ඔහොම කතාව යද්දි මේ ගෙදරට නන්නාදුනන අර කොවිඩ් නිසා අතරමං වෙලා හිටිය කිපදෙනෙකුත් කඩා වැටෙනවා.. දැන් අර නිතිඥයාව මරා දාපු එක හැමෝම දැනගනිවිද? නැත්නම් ඔහු අතුරුදහන් වෙලා කියලා විතරක් පොලිසිය හිතාවිද? අර ගෙදරට කඩාපාත් වෙන අය නිසා මේ ගෙදර මොන මොනා සිද්ධවේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram