Swapped (2026) Sinhala Subtitle
ඔන්න ඔයාලට අරන් ආවේ, මේ ලගදි ආවේ… ළඟදිම ආව ලස්සන ඇනිමේෂන් චිත්රපටියක්! මේක
ලොකු පොඩි කාටත් හොඳ ආදර්ශයක් වගේම, හරිම සංවේදී කතාවක් කිව්වොත් මං
නිවැරදියි. Netflix ලා තමයි මේකෙ විකාශන අයිතිය දරන්නෙ. මේකට මං
නුවන් අසේල අය්යාවත් එකතු කරගත්තා. මොකද වැඩත් එක්ක කරගන්න ටයිම් නැති නිසා
පොඩ්ඩක් පරක්කුත් ඇති, සමහරු දැනට බලලත් ඇති. කෝමහරි මේ ෆිලුමට 7.3/10
ක IMDb අගයකුත් ලැබිලා තියෙනවා.
හඬනළු දායකත්වය දරන්නෙ Michael B. Jordan, Juno Temple, Tracy Morgan, Nathan
Greno, Ambika Mod වැනි නළු නිළියන් රැසක්. මේ ලස්සන නිර්මාණය, නිර්මාණය කරන්නෙ
Skydance Animation සමාගම තමයි.
කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ… මෙහෙම හිතන්න; ඔයා කාලයක් තනියම හිටියොත්, ඔයා
හිතින් වැටුණාම… ඒ හිත ආයෙත් යථා තත්ත්වෙට ගන්න මොකද කරන්නෙ? මේ ෆිල්ම්
එකෙන්, එකිනෙකාව මොනතරම් වටිනවද, එකමුතුකම කොච්චර ශක්තිමත්ද කියලා ලස්සනට
කියාදෙනවා. මියුසික් වලින් අපිව වෙනම ලෝකෙකට අරන් යනවා. අවසානයට හොඳ ආදර්ශයකුත්
දෙනවා සමාජයට.
ඉතින් මං කතාව ගැන කිව්වෙ නෑ… ඒක ඔයාලා බලලම රසවිඳින්න. එහෙනම් අපි අදට
සමුගන්නවා. ආයෙත් අලුත් සබකින් මුණගැහෙනතුරු, ඔයාලට බුදුසරණයි!
ජයවේවා!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]








ඔයාල දෙන්නටම බෝම ස්තූතියි මේකට මහන්සිවෙලා සිංහල සබ්එක අරං ආවට
තෑන්ක් සහෝ.. ❤️
Princess and the frog 2009 එකට සිංහල sub දෙන්නකො
YTS site එකේ torrent එකකට
Princess and the frog 2009 එකට සිංහල sub දෙන්නකො
YTS site එකේ torrent එකකට