More

    A Gentleman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Go Goa Gone (2013), Happy Ending (2014) වගේ චිත්‍රපට අද්‍යක්ෂණය කළ Raj Nidimoru සහ Krishna D.K. දෙපළගේ නවතම සිනමා නිර්මාණය තමයි A Gentleman චිත්‍රපටය. Action, Comedy, romance කියන වර්ගීකරණයන්ට අයත් වුනු මේ චිත්‍රපටයට 7.2/10ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Hasee Toh Phasee (2014), Ek Villain (2014), Brothers (2015), Kapoor & Sons (2016), Baar Baar Dekho (2016) වගේ අතිශය ජනප්‍රිය වුනු චිත්‍රපටවල රංගනයේ යෙදුනු සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් Murder 2 (2011), Race 2 (2013),Kick (2014), Roy (2015), Dishoom (2016), සහ Housefull චිත්‍රපට ත්‍රිත්වයේත් රංගනයේ යෙදුනු සුරූපී නිළි ජැකලින් ෆර්නෑන්ඩස් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පොවනවා. ඔවුන් දෙදෙනා සමගින් Mary Kom (2014), Nh 10 (2015) වැනි චිත්‍රපටවලින් සිනමා රසිකයින් අතර නමක් දිනාගත් දර්ශන් කුමාර් සහා සුපිරි බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටි මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මියුරු සංගීතය සචින්-ජිගර් දෙපළගෙන්.

    ගෞරව් (සිද්ධාර්ත් මල්හෝත්‍රා) කියන්නේ ඇමරිකාවේ වාසය කරන බොහොම සරල, විනීත නීතිගරුක වැදගත් රැකියාවක් කරගෙන බො‍හොම සුන්දර පවුල් දිවියක් ගැන සිහින මවන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මහත්මයෙක් කියලා හඳුන්වන්න පුලුවන් විදියේ කෙනෙක්. ඔහුගේ සිහින කුමරි ය වෙන්නේ ඔහුගේම සේවා ස්තානයේ රැකියාව කරන කාව්‍යා (ජැකලින් ෆර්නෑන්ඩස්) ගෞරව් හීන මවනවා කාව්‍යාව විවාහ කරගෙන බොහොම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. නමුත් කාව්‍යාට ගෞරව් ගැන යාලුකමකින් එහා ගිය හැඟීමක් නැහැ. කාව්‍යා ගෞරව්ට ආදරය කරන්න අකමැති වෙන්න හේතුව තමයි ගෞරව් ඕනවාට වැඩිය හොඳ විම. කාව්‍යා බලාපොරොත්තු වෙන්නෙ ටිකක් දරඳඩු චරිත ලක්ෂණ තියෙන කෙනෙක්. කාව්‍යාට අනුව ගෞරව් අහිංසක වැඩියි.

    ඔය අතරෙදි ගෞරව්ගේ සේවා ස්තානයේ යම් ගනුදෙනුවක් සඳහා ගෞරව්ට ඉන්දියාවට යන්න සිද්ද වෙනවා. ඒ ඉන්දීය ගමනත් එක්කම චිත්‍රපටය වෙනස්ම පැත්තකට ගලාගෙන යනවා. චිත්‍රපටයේ හැරවුම් ලක්ෂය ගෞරව්ගේ ඒ ඉන්දීය ගමන කිවුවොත් හරි. ඊට වඩා වැඩි දෙයක් කියන්නේ නෑ ඔබේ කුතුහලය නැති කරන්න අකමැති නිසා. එහෙම නම් නොනවතින සුපිරි ක්‍රියාදාම පෙළකින්ම සමන්විත වූ මේ ගෞරව් මහත්මයාගේ කතාව නරඹා රසවිඳින හැටියට හැමෝටම ආරධනා කරනවා. සුභ දවසක්! සතුටින් ඉන්න

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “A Gentleman (2017) සිංහල උපසිරැසි” A.Gentleman.(2017).Sinhala.Subtitle.rar – Downloaded 949 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram