spot_img

Annihilation (2018) සිංහල උපසිරැසි සමඟින්

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් මේ සතියෙත් තවත් නියම චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක නම් අපේ දර්ශනගේ උදව් ඇතිව තමයි අරන් ආවේ. මේ සතියේ කාර්යබහුල නිසා උනත් චිත්‍ර‍පටියක් දෙන්න ආසාව නිසාම දර්ශන එක්ක එකතු වෙලා වැඩේ ඉවරයක් කරලා දැම්මා දෙන්නාම බාගේ බාගේ බෙදාගෙන. ඒ නිසායි ඊයේ පටන් ගත්ත වැඩේ අද මෙහෙම ඉවර කරලා දෙන්න පුලුවන් උනේ. . මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපනය කරන්නේ Natalie Portman විසින්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Alex Garland විසින්. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් ලෝකයට උල්කාපාතයක් වැනි දෙයක් පතිත වෙනවා. මේක නිකම්ම නිකම් උල්කාපාතයක් නෙමෙයි. මේක එක්තරා විදියට වටේට පැතිරෙන්න පටන් ගන්නවා ගම් බිම් ආවරණ කරමින්… මේක ඔවුන් හදුන්වන්නේ ෂිමර් කියලා. මේක වැටුන තැන ඉදලා තැනින් තැනට පැතිරෙන්න ගන්නවා පරාවර්තිත බිත්තියකින් ආවරණය වෙමින්. කොහොම හරි මේ ෂිමර් එක ඇතුලට ගිය කෙනෙක් නැවත පණපිටින් ඇවිල්ලා නැහැ. මේ ෂිමර් එක ඇතුලටම විද්‍යාඥයින් පස්දෙනෙක් යනවා. මේ පස්දෙනාම කාන්තාවන්. මේ අයට ඒක ඇතුලේදි අත්වෙන ඉරණම තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ. කොහොම හරි හොද කුතුහලය දනවන චිත්‍ර‍පටියක් කියලා ඉහලින්ම නිර්දේශ කරන්න පුලුවන්. ඒක නිසා අරන් බැලුවාට පාඩුවක් නම් නැහැ. එහෙනම් මං ගියා… තව චිත්‍ර‍පටියකින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts
දර්ශණ නිශාන්ත පීරිස්

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram