More

    Barot House (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔබ ප්‍රියතම සිනමා ශානරය කුමක්දැයි ඔබෙන් විමසුවොත් පිළිතුරු විවිදාකාර වෙන්න පුලුවන්. කෙනෙක් Action කියන වර්ගීකරණයට කැමති වෙද්දි තවත් කෙනෙක් Commedy කියන වර්ගීකරණයට කැමති වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ගේ ප්‍රියතම සිනමා ශානරය Fantasy හෝ එහෙමත් නැත්නම් Horror වෙන්න පුලුවන්. තවත් කෙනෙක් Drama හෝ Romance කියන සිනමා ශානරයට වඩා ප්‍රිය වෙන්න පුලුවන්. හැබැයි මොන සිනමා ශානරයට වඩා ප්‍රියතාවයක් දැක්වුවත් ඔය කොයි කවුරුත් අකමැති නොවන කාගේත් පොදු ප්‍රියතාවයක් සහිත සිනමා ශානරයක් තියෙනවා. ඒ තමයි සියලු සිනමා රසිකයන්ගේ මහා පොදු සාධකය වන Thriller කියන ශානරය. පුද්ගලිකව මම වඩාත්ම ප්‍රිය කරන සිනමා ශානරයත් ඒකමයි.

    ඉතින් එකී සියලුම සිනමා රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූ තවත් සුපිරි චිත්‍රපටයක් තමයි barot house කියන්නේ. පැය එක හමාරයක් පුරාවට එකම ආකරයේ කුතුහලයකින් නරඹනන්නට හැකි barot house චිත්‍රපටය මෑත කාලයේ ජනප්‍රිය වුනු චිත්‍රපට සහ වෙබ් කතා මාලාවන් කිහිපයක්ම නිර්මාණය කළ Zee5 බෙදාහැරීමක්. IMDB දර්ශක අගය 7.3/10ක්. ප්‍රතිභාපූර්ණ නළු අමිත් සාද් මෙහි ප්‍රමුඛ රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය සීරියල් කිලර් චිත්‍රපටයක් ලෙස හැඳින්වුවත් වරදක් නැහැ. ඒ වගේම ආරම්භයේ පටන් අවසානය දක්වාම එක හුස්මට නැරඹිය හැකි චිත්‍රපටයක් බවත් නැවත වතාවක් සිහිපත් කරනවා.

    අමිත් බාරෝත් සහ භාවනා බාරෝත් යුවල, ඔවුන් දෙපළගේ දරුවන් සිවු දෙනාත් අමිත්ගේ මව සහ සහෝදරයාත් සමගින් වාසය කරන නිවස තමයි බාරොත් නිවස. එහෙමත් නැත්නම් Barot House. එක් රාත්‍රියක සිදුවන භිහිසුණු සිදුවීමක් සමගින් මේ බාරොත් නිවසේ නිවැසියන්ගේ ජීවිතයම උඩුයටිකුරු වෙනවා. බාරොත් නිවසේ පුංචි දියණිය ශ්‍රෘතී නිවසින් අතුරුදහන් වෙනවා. පසු දිනයේ නිවසට යාබද කනත්තේ තිබී ඝාතනයට ලක් වූ ඇයගේ මලසිරුර සොයාගන්නවා. ඝාතකයා සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙනවා. හැබැයි එතනින් ඉස්සරහාට සිදුවෙන්නේ කිසිවෙකුත් සිහිනෙන්වත් නොසිතූ පොනැතූ සිදුවීම් මාලාවක්. ඒ කුමක් වේවිද කියන කුතුහලයක් සමගින්ම චිත්‍රපටය නරඹන්න කියන ආරාධනාව කරනවා. චිත්‍රපටය අවසාන වනතෙක් නැරඹුවහොත් ඔබටත් හැකි වේවි ඝාතකයා කවුරුන්දැයි දැනගන්නට…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Barot.House.2019.Sinhala.Subtitle.rar – Downloaded 287 times – 24 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram