today-is-a-good-day
More

    College Kumar (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ගයිස් අද මම එන්නෙ අලුත්ම අලුත් තෙලිගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි..මේක ඇත්තටම ලයින් 2138ක අසා ලිවීමක්..මහන්සි වෙලා ඔන්න අරන් ආවා..නමින් “College Kumar”

    Drama | Romance ඝණයට අයත් වෙන මේ චිත්‍රපටය සියල්ලන් එක්කම විනෝදෙන් බලන්න පුළුවන්. රගපාන අය ගත්තම පියාගෙ චරිතෙට Prabhu කියලා ගූගල් තිබ්බට අරන් තියෙන්නෙ වෙන කෙනෙක්. අපි කවුරුත් දන්න Rajendra Prasad ව. තව කොල්ලා තමයි අපි කවුරුත් හදුනන Suryakantham,Ee Maya Premito යන චිත්‍රපට වල රගපාපු Rahul Vijay..කෙල්ල තමයි Priya Vadlamani..මවගෙ චරිතය Madhoo විසින් කරන අතර හුගක් විට දමිළ චිත්‍රපට හරහා දක්නට ලැබෙන Manobala ත් අපිට දකින්න ලැබෙනවා..ඒවගේම Nassar, Chaams වගේ නිතර දකින්න ලැබෙන චරිත බොහෝමයකුත් ඉන්නවා

    කතාව පැත්තට ගියාම අභියෝගයකින් තමයි කතාව ඇරබෙන්නෙ, ඒ කියන්නෙ ඔෆිස් එකක පියන් කෙනෙක් එයාගෙ බොස්ට අභියෝග කරනවා එයාගෙ පුතා බොසාටත් වැඩිය ලොකු ඔෆිසර් කෙනෙක් කරවනවා කියලා, ඉතිං එයාගෙ ළමයට පොඩි කාලෙ ඉදන්ම අංක එක වෙන්න උගන්වනවා, සමය ගත වෙනකොට පුතා කොලේජ් යන්න පටන් ගන්නවා. ඔතනින් තමා ජර මර සේරම පටන් ගන්නෙ.මොකද කියනවනම් පුතා ඉගෙනීමට වස කම්මැලියා..මූ ලෝක ගේම් ගහන්නෙ ගෙදරට ඉගෙනගන්නව කියලා පෙන්නන්න..

    ඔන්න මම කතාව ස්පොයිල් කරන්න යන්නෙ..මේ පොයින්ට් එක කියවන එක ඔයාලට භාරයි..ඔය අස්සෙ වෙන තවත් අභියෝගයකින් තාත්තා කොලේජ් යන්න අරන් පුතාට තාත්තට උගන්වන්න වුනොත් කොහොමද? ආන් එහෙමයි කොලේජ් කුමාර් බිහි වෙන්නෙ. ළමයි දෙමාපියන්ට නිතර කියනවනේ අම්මලා තාත්තලා උගන්වනවට වැඩිය ඉගෙගන්න එකයි අමාරු කියලා.කතාව බලලම දැනගන්නකො කතාවෙන් දෙන්න හදන ආදර්ශෙ..ඒක චිත්‍රපටය අවසානෙ සදහන් කරනවා..

    ෆිල්ම් එකේ Title Track එක ගහල එවන්න පුලුවන්ද? කියලා ලහිරු අයියට යැව්වම, සිංදු 3ක්ම ගහලා එවලා තිබ්බා..තෑන්ක්ස් හොදේ..ඒව සිංදු කිව්වට, නිකන් ලියරික්ස් නෙවෙයි..ඒ ලියරික්ස් ඇතුළෙත් කතාවක් යන්නෙ..

    ඔහුටත් එලෙස තුති පුදන ගමන් එහෙනම් ගූගල් පරිශීලකයින් 96%ක් කැමැත්ත පල කරල තියෙන, IMDb අගය 5.9 ක් දක්වා දැනට කරකවා ඇති, සිංදුවක නොට් නොවෙන කිස් එක ඇරුණම පවුලේ සැමට බලන්න පුලුවන්, පැය 2කේ චිත්‍රපටය බලන්න කියලා කියනවා. ජය!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD TV පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.
    • චිත්‍ර‍පටිය සදහා ගැලපෙන පිටපත zoomlinkhub.com හි ලබා දි ඇත.

     

    Download “College Kumar (2020) සිංහල උපසිරැසි” College.Kumar.(2020).Sinhala.Subtitle.rar – Downloaded 7335 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram