spot_img
spot_img
More

    Drishyam (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කිසිදු වර්ග කිරීමකින් තොරවම බාල මහලු වැඩිහිටි සහ බොලිවුඩ් චිත්රපට වැඩිය නරඹන්නට රුචිකත්වයක් නොදක්වන අයට පවා අනිවාර්යෙන්ම නරඹන්න කියලා කිසිදු චකිතයකින් තොරවම නිර්දේශ කළ හැකි thriller චිත්රපටයකින් ලැබිය හැකි ඉහළම රසවින්දනය පිරි චිත්රපටයක් තමයි මේක. හරියටම කිවුවොත් Kahaani චිත්රපටිය වගේ.

    මෙම චිත්රපටය දැනට ඉන්දියාව තුළම පමණක් භාෂා 5කින් නිර්මාණය වෙලා තිබෙනවා. එකම රටක් තුළ පමණක් පස් වතාවක් නිර්මාණය වෙන්නට තරම් මෙහි තිබෙන විශේෂත්වය කුමක්ද කියා කෙනෙකුට සිතෙන්නට පුලුවන්. මෙම චිත්රපටය නැරඹුවහොත් ඔබට ඒ විශේෂත්වය අත්විඳින්නට හැකි වේවි. මෙම චිත්රපටයේ මුල් නිර්මාණය වෙන්නේ Drishyam(2013)කියන මලයාලම් චිත්රපටය. එදා මෙදා තුර වැඩිම ආදායමක් හිමිකරගත් මලයාලම් චිත්රපටය වුනේත් ඒ චිත්රපටයමයි. මම මුලින්ම නැරඹුවේත් මලයාලම් භාෂාවෙන් නිර්මාණය වෙච්ච Drishyam(2013) චිත්රපටය. එය තමයි මා මෙතෙක් නරඹා තිබෙන හොඳම මලයාලම් චිත්රපටය. Jeethu Joseph විසින්ම රචනා කරන ලද කතාවකට අනුව ඔහු විසින්ම අධ්යක්ෂණය කළ එම මලයාලම් චිත්රපටය Drishya (2014) ලෙසින් කන්නඩා භාෂාවෙන්, Drushyam (2014) ලෙසින් තෙලිඟු භාෂාවෙන්, Papanasam (2015) ලෙසින් දමිළ භාෂාවෙන් සහ drishyam (2015) ලෙසින් හින්දි භාෂාවෙන් නැවත නැවත ප්රතිනිර්මාණය වුනා. මේ සටහන අවසන් වරට නිර්මාණය වූ ඒ drishyam හින්දි චිත්රපටය ගැනයි.

    IMDB දර්ශක අගය 8.9/10ක් ලෙසින් සටහන් කරගන්නට තරම් මෙම චිත්රපටය සුවිශේෂී වුනා. Force (2011) චිත්රපටය සහ Lai Bhaari (2014) චිත්රපට අධ්යක්ෂණය කළ Nishikant Kamat තමයි මෙම චිත්රපටයේදී අධ්යක්ෂණ කාර්යට උර දුන්නේ. අජය දේවුගන්, ශ්රියා සරන්, තාබු, ඉෂිතා දත්තා, රජත් කපූර් සහ තවත් බොහෝ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වූ මෙම චිත්රපටය තිරගත කිරීමෙන් ලබා ගත් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 76ක් පමණ වෙනවා. Drama, Mystery, Thriller ලෙසින් වර්ගීකරණය වී තිබෙන චිත්රපටය ආරම්භයේ පටන් අවසානය දක්වා කට ඇරගෙන බලන්න පුලුවන් තරම් අපූරු සිනමා නිර්මාණයක් කිවුවොත් වැරදි නැහැ.

    කතාව ගැන නම් ලොකුවට විස්තර කරන්නට යන්නේ නැහැ ඔබේ හිතේ තිබෙන කුතුහලය ඉතිරි කරන්නට අවශ්යය නිසා. විජය සල්ගාවොන්කර් කියන්නේ තමන්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමගින් බොහොම ආදරයෙන් ජීවත් වෙන මධ්යම පාන්තිකයෙක්. ඔහු බොහොම සාධාරණ සහ අල්පේච්ඡ මනුස්සයෙක්. පාසලේ 4වන ශ්රේණියට පමණක් උගත් අයෙක් වුනත් ඔහු බොහොම තියුණු බුද්ධියක් සහිත කෙනෙක්. ඔහු ගැන කියන්නට තිබෙන සුවිශේෂීම කරුණ තමයි ඔහු ඔබත් මමත් වගේම තදින් චිත්රපට නරඹන්නට හුරු වූ කෙනෙක්. හුරුවකට වඩා එය ඇබ්බැහියක් ලෙසින් සඳහන් කළොත් තමයි නිවැරදි. ඔහු එයට කොතරම් ඇබ්බැහි වෙලාද කියනවා නම් සමහර රාත්රීන්ට ඔහු නිවසට නොයා තමන්ගේ කාර්යාලයට වෙලා රැය පහන් වන තුරුම චිත්රපට නරඹනවා.

    එවන් එක් රාත්රියක ඔහුගේ ආරක්ෂාව නොමැති වූ ඔහුගේ නිවසට අනවසරයෙන් පැමිණෙන එක් අමුත්තෙක් නිසා විජය සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත සහමුලින්ම කණපිට හැරෙනවා. ඒ අමුත්තා කවුද? ඇයි ඔහු විජයගේ නිවසට පැමිණියේ? ඔහුගෙන් විජයගේ පවුලට එල්ල වන තර්ජනය මොකක්ද? එම අමුත්තාට විජයගේ නිවසේදී අත්වන ඉරණම කුමක්ද? කියන වග චිත්රපටය නරඹද්දි ඔබට දැන ගන්නට පුලුවන් වේවි. මේ සිද්දියෙන් පසුව විජයගේ පවුලේ තිබූ සතුට සහ සැනසිල්ල සහමුලින්ම දියවෙලා යනවා. ඒ වගේම ඔහුගේ පවුල ලොකු මර උගුලක පැටලෙනවා. පොලීසිය විජය සහ ඔහුගේ පවුල පසුපස ලුහුබඳින්න ගන්නවා. තමන්ගේ පවුල සුරක්ෂිත කරගන්නට මේ 4 ශ්රේණිය පවා අසමත් වූ මනුස්සයා කෙතරම් විශිෂ්ඨ ලෙස කෙතරම් අපූර්ව ලෙස උපායශීලීව ක්රියා කරනවාද යන වගත් චිත්රපට නැරඹීමෙන් ඔහු ලද පන්නරය සහ දැනුම එම උපායන් වලදී කෙරම් අපූරුවට භාවිතා කරනවාද කියන වගත් නිසැකයෙන්ම ඔබව පුදුමයට පත් කරාවි. එම උපායන් හරහා කෙතරම් දුරට පොලිස් නිලධාරීන්ව නොමග යවන්නට ඔහුට හැකි වේවිද, එහිදී ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මුහුණ දෙන බාදක ජය ගන්නට පුලුවන්කම ලැබේවිද?

    තිරයෙන් ඇසිල්ලකට හෝ ඇස ඉවතට ගන්නට සිත් නොදෙන අවසානයක් වෙත ඔබ ගෙන යන සිනමා අත්දැකීමක් බවට නම් නිසැකවම මෙම සිනමා නිර්මාණය පත් වේවි.ඒ වගේම දෙමවුපියන් විදියට තමන්ගේ දරුවන් වෙත දක්වන ආදරය සෙනෙහස සහ රැකවරණය කෙරෙහි ප්රභලව බලපාන සාදකය වන්නේ පොතෙන් ලද දැනුම නොවන බවත් සමාජීය අත්දැකීම් සහ වටපිටාවෙන් ලද ප්රායෝගික දැනුම බවත් ඔබට පසක් කර දෙන්නටත් මේ සිනමා නිර්මාණය සමත් වේවි. අවසාන වශයෙන් මෙම අපුරු සිනමා නිර්මාණය රසවිඳින ලෙස සියලු සිනමා රසිකයන් වෙත විවෘත ආරාධනයක් කරමින්ම මගේ සටහනට තිත තබනවා.

    Visuals Can Be Deceptive!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති DVD හා BluRay පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Drishyam (2015) සිංහල උපසිරැසි” Drishyam.(2015).Sinhala.Subtitle.rar – Downloaded 1490 times – 55 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram