spot_img

Mom (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

English Vinglish චිත්‍රපටයෙන් පසුව ශ්‍රීදේවී බොලිවුඩ් සිනමා රසිකයින් මුල්වරට හමුවෙන්නේ මේ Mom චිත්‍රපටය හරහා. ඇයත් සමගින් නවසුදීන් සිද්දික්, ආක්ෂේ ඛන්නා, සජාල් අලී සමගින් අද්නාන් සිද්දික් මුල් පෙළ චරිත රංගනයේ යෙදෙනවා. Drama, Thriller ලෙසින් වර්ගීකරණය වී ඇති මෙම චිත්‍රපට‍යට ලැබී ඇති IMDB දර්ශක අගය7.4/10ක්. රවී උද්යාවර්නම් නවක අධ්‍යක්ෂකවරයාගේ ප්‍රථම බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂණය මෙය වීමත් මෙම චිත්‍රපටයේ විශේෂත්වයක්. පැය දෙක හමාරකට ආසන්න කාලයක් තිරයෙන් දෙනෙත් අහකට නොගෙන බලන්න පුලුවන් තරමේ ආකර්ෂණයකින් යුතු මෙම චිත්‍රපටය ත්‍රිලර් චිත්‍රපට රසිකයින් මග නොහැරම නැරඹිය යුතුම සිනමා නිර්මාණයක්.

දේව්කී (ශ්‍රී‍දේවි) ජීව විද්‍යාව ගුරුවරියක්. ඇය උගන්වන පාසලේමයි ඇගේ දියණියන් දෙදෙනාත් ඉගෙනුම ලබන්නේ. ඉන් වැඩිමහල් දියණිය තමයි ආර්යා. ඇය අවුරුදු 18ක හිරිමල් වියේ පසුවෙන තරුණියක්. බාල දියණිය ප්‍රියා. ආර්යා දේව්කීගේ සැමියාගේ කලින් විවාහයෙන් ලැබුණු දියණිය. ඒ කියන්නේ දේව්කී ආර්යාගේ කුඩම්මා. නමුත් දේව්කී කිසිම වෙලාවක ආර්යාට කුඩම්මාගේ සැළකිලි දක්වන්නේ නෑ. ඇය ඇයගේ දියණියට වගේම ආර්යාටත් එක විදියටම ආදරය කරුණාව දක්වනවා. නමුත් ආර්යා නම් තමන්ගේ කුඩම්මා එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නේ.

කාලය ඔහොම ගෙවෙද්දි ආර්යාගේ ආදරය බලාපොරොත්තුවෙන් ආර්යාගේ පංතියේම ඉගෙනුම ලබන මෝහිත් කියන සල්ලාල ශිෂ්‍යයා ආර්යාට කරදර කරන්න ගන්නවා. නමුත් ආර්යා ඔහුව තඹ සතයකට මායිම් කරන්නේ නැහැ. ඒ ගැන මෝහිත් ආර්යා එක්ක දැඩි වෛරයක් ඇති කරගන්නවා. මේ අතරේ පංතියේ ළමුන් සහභාගීවන වැලන්ටයින් පාටි එකක් වැලන්ටයින් දිනයේ රාත්‍රියේදි ෆාම් හවුස් එකක පැවැත්වෙනවා. ඒකට ආර්යාත් තමන්ගේ යහළුවෝ එක්ක සහභාගී වෙනවා. එදා රාත්‍රිය ආර්යාගේ ජීවිතය උඩු යටිකුරු කරන දිනයක් වෙනවා. සිහිනෙන්වත් නොසිතූ නොපැතූ ආර්යාගේ ජීවිතයේ අවාසනාවන්තම රාත්‍රිය වූ ඒ වැලන්ටයින් රාත්‍රියෙන් පස්සේ මොනවා වේවිද…

එතනින් එහාට චිත්‍රපටයේ තවත් පැය දෙකක් පුරාවට ගලාගෙන යන්නේ තමන්ගේ ආදරණීය දියණියක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කොයි තරම් නම් කැපකිරීමක් කරන්න පුලුවන්ද යන වගට නිදසුන් සපයන බොහොම සංවේදී කතාවක්. ඒ කතාව ඇතුළේ අම්මා කෙනෙක්ගේ ආදරය නොවඩුවම රැඳිලා තියෙන වග චිත්‍රපටය නරඹන ඔබටත් දැනේවි. එහෙනම් දෙවියන්ගේ උත්තරීත්රම නිර්මාණය වුනු අම්මාගේ ආදරය විඳගන්න ඔබටත් ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්. සතුටින් ඉන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගයාන් ගමගේ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram