spot_img

Fuze (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Fuze (2025) Sinhala Subtitle

David Mackenzie විසින් අධ්‍යක්ෂණය කරපු Fuze චිත්‍රපටය කියන්නේ බෝම්බ තර්ජනයක් නිසා ඇතිවෙන කලබලය අස්සේ බැංකුවක් හෝ මහා පරිමාණ මංකොල්ලයක් සිදුකරන අපූරු තේමාවක් අර ගත්ත චිත්‍රපටියක්.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා හොලිවුඩයේ සුපිරි තරු රැසක් දායක වෙනවා ඒ අතර Aaron Taylor-Johnson, Theo James, සහ Sam Worthington දකින්න පුලුවන්…. කතාව ගැන කිව්වොත් ලන්ඩන් නුවර මධ්‍යයේ තියෙන ඉදිකිරීම් භූමියකින් දෙවන ලෝක යුද සමයට අයත් විශාල බෝම්බයක් හමුවෙනවා. භයානකම දේ තමයි මේ බෝම්බය තවමත් සක්‍රිය තත්ත්වයේ පැවතීම!

මේ බෝම්බය අක්‍රිය කරන අතිශය අවදානම් මෙහෙයුම භාරවෙන්නේ හමුදා නිලධාරියෙක් වන විල් ට්‍රැන්ටර්ට.. මේ සිදුවිම නිසා පොලිසියට, හමුදාවට වගේම සාමාන්‍ය ජනතාවටත් සැහෙන බයක් ඇති වෙනවා. නමුත් මේ මහා කලබලය අස්සේ තවත් අපූරු සිදුවීමක් රහසිගතව සිද්ධ වෙනවා. ඒ තමයි කැරලිස් කියන සූක්ෂම හොරා, නගරයේ තියෙන මේ කලබලකාරී තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙන ලන්ඩන් බැංකුවක් කොල්ලකන්න සැලසුම් කිරීම. එයාගේ සහායට ඉන්නේ ඉතාමත් භයානක, හැඟීම් විරහිත පුද්ගලයෙක් වන ‘X’ එක්ක…

බෝම්බය අක්‍රිය කිරීමේ මෙහෙයුමත්, දැවැන්ත බැංකු කොල්ලයත් එකට සිද්ද වෙද්දි මොන මොනා සිද්ද වෙයිද? ඒක නරඔලා දැනගන්න එක ඔයාලාට බාරයි. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමු.

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් අසේල
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram