I’m Game (2026) Sinhala Subtitle
අද අපි ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල සෑහෙන්න කතාබහට ලක්වෙන අලුත්ම මලයාලම් ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක්. ඔයා දුල්කර් සල්මාන්ගේ ෆෑන් කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න.
ෆිල්ම් එකේ නම තමයි “I’m Game”. මෑතකදී රිලීස් වුණු මේ ෆිල්ම් එක Fantasy Action Thriller ගණයට අයිති වෙන සුපිරි නිර්මාණයක්. ඔයාලට මතක ඇතිනේ මීට කලින් ආපු RDX කියන සුපිරි මලයාලම් ඇක්ෂන් ෆිල්ම් එක. අන්න ඒක ඩිරෙක්ට් කරපු Nahas Hidhayath තමයි මේකත් අධ්යක්ෂණය කරලා තියෙන්නේ. විශේෂත්වය තමයි දුල්කර් සල්මාන්ම ඔහුගේ Wayfarer Films හරහා මේක ප්රොඩියුස් කරලත් තියෙනවා.
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
මේකෙ දුල්කර් රඟපාන්නේ ‘ඩෑන් ජෝන්’ කියන බිස්නස්මන් කෙනෙක්ගේ කැරැක්ටර් එකක්. මෙයා තමන්ගේ ජීවිතේටත් වඩා තමන්ගේ වාසනාව ගැන විශ්වාස කරන, කිසිම දේකට බය නැති කෙනෙක්. කොහොමහරි මෙයාට අවයවයක් බද්ධ කිරීමේ සැත්කමකට මූණ දෙන්න සිද්ධ වෙනවා. එතනින් පස්සේ මෙයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා. හිතාගන්නවත් බැරි අමුතු, ඒ වගේම ත්රාසජනක සිදුවීම් ගොඩකට මෙයාට මැදිවෙන්න වෙනවා.
ඇක්ෂන්, රොමෑන්ස්, සස්පෙන්ස් ඔක්කොම එකට එකතු වුණු මාරම ත්රාසජනක ගමනක් තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.
ඒවගේම මෙයාලගෙ රංඟනය ගැන කියනව නම්,
දුල්කර්ගේ රංගනය ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ, සුපුරුදු විදිහටම තමන්ගේ ස්වැග් එක උපරිමයෙන් දීලා තියෙනවා. මේ ෆිල්ම් එකේ තවත් ලොකු විශේෂත්වයක් තමයි දෙමළ සිනමාවේ ප්රසිද්ධ අධ්යක්ෂකවරයෙක් වගේම නළුවෙක් වෙන Mysskin මේ ෆිල්ම් එකෙන් මලයාලම් සිනමාවට එකතු වෙන එක. එයා තමයි මේකේ මේන් විලන්ගේ චරිතය කරන්නේ. ඊට අමතරව Antony Varghese, Kayadu Lohar, Samyuktha Viswanathan වගේ දක්ෂ නළු නිළියන් රැසක් මේකට රංගනයෙන් දායක වෙනවා.
ෆිල්ම් එකේ මියුසික් කරලා තියෙන්නේ Jakes Bejoy. එයාගේ BGM ෆිල්ම් එකේ ත්රාසය තවත් වැඩි කරන්න මාර විදිහට සපෝර්ට් කරලා තියෙනවා. විශේෂයෙන්ම දුල්කර්ම කියපු “Loser” කියන සින්දුව මේ වෙද්දිත් ගොඩක් හිට් වෙලා තියෙනවා.
කුතුහලය පිරුණු වෙනස්ම විදිහේ Fantasy Action Thriller එකක් හොයනවා නම් “I’m Game” කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. සිංහලෙන්ම කියනවා නම්, නියම ගේම් එකක්! ට්රයි කරලා බලන්නකෝ.
⛔ Due to copyright issues we do not provide any torrent links








සබ් එකට තෑන්ක්ස් දෙන්නටම.. ඔරිජිනල්ම බලනවා ආපුහම…
අප්ඩේට් එක ඕනේ…
❤️❤️❤️❤️❤️