today-is-a-good-day
More

    Ittefaq (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔහු වික්‍රම් සේති. එංගලන්තයේ පුරවැසිභාවය ලබාගෙන ඒ රටේම තරුණියක්ව විවාහ කරගෙන ඉන්න ජනප්‍රිය ලේඛකයෙක්. නමුත් මේ වෙලාවේ ඔහු ඉන්නේ ඉන්දියානු ‍පොලිස් අත්තඩංගුවේ. ඔහුට විරුද්ධව මිනීමැරුම් චෝදනා දෙකක් එල්ල වෙලා තියෙනවා. එකක් ඔහුගේම බිරිඳ කැතරීන්ව ඝාතනයේ කිරීමේ චෝදනාව. අනෙක ශේකර් සින්හා නම් නීතිඥයාව ඝාතනය කිරීමේ චෝදනාව. තමන්ගේ අලුත්ම පොත එළිදැක්වීමේ උළෙලකට දින කිහිපයක් සඳහා ඉන්දියාවට එන වික්‍රම් සහ ඔහුගේ බිරිඳ මේ වගේ ඉරණමකට ගොදුරු වුනේ කොහොමද?

    පොත එළිදැක්වීමේ උළෙල සඳහා ඉන්දියාවට ආපු වික්‍රම් පොත එළිදැක්වීමේ උත්සවය පැවැත්වුනු එදා රාත්‍රියේ උත්සවය අවසාන වෙලා නැවතත් නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණෙනවා. ඔහුට දකින්නට ලැබෙන්නේ තමන්ගේ ආදරණීය බිරිඳව මරලා දාලා තියෙන විදිය. ඔහු ඒ ගැන පොලීසියට පැමිණිලි කරනවා. එතැනට පැමිණෙන පොලීසිය ඒ ඝාතනයට සැක කරන්නේ වික්‍රම්ව. පොලිස් නිලධාරීන් වික්‍රම්ව පොලීසියට රැගෙන යන්නට උත්සාහ කරද්දි බියට පත්වෙන වික්‍රම් එතනින් පළා යනවා. පොලීසියෙන් බේරෙන්න වේගයෙන් රිය පදවන වික්‍රම්ගේ වාහනය අනතුරකට ලක්වෙනවා. ඔහු උදවු ඉල්ලගෙන ඒ කිට්ටුව තියෙන නි‍වසකට යනවා.

    පොලීසියෙන් බේරීම සඳහා පලා ගිය වික්‍රම් සැඟවෙන්න කියලා ගොඩ වෙන නිවසේදි ඔහු මුහුණ දෙන්නෙ සිහිනෙන්වත් නොසිතපු අකරතැබ්බයකට. හරියටම කිවුවොත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ සිද්දියක්. ඔහුට සිද්ද වෙනවා එම නිවෙස් හිමියා වන ශේකර් නම් නීතිඥයා ඝාතනය කිරීමේ චෝදනාවටත් ලක්වෙන්නට. ඔහු එහිදී පොලිස් අත්තඩංගුවට පත් වෙනවා…. ඔබ සමහරවිට හිතනවා ඇති මම කතාවේ ඔක්කොම කියලාවත්දෝ කියලා. අපොයි නෑ මම ඔය කියපු ටික සිද්ද වෙන්න හරියටම යන්නේ විනාඩි 8යි. ඒ කියන්නේ චිත්‍රපටිය තාම පටන් ගත්තා විතරයි. කවුද වික්‍රම් සේතිගේ බිරිඳ ඝාතනය කළේ? ඝාතනය කළේ ඇයි? වික්‍රම් සේති පොලීසියෙන් ගැලවෙන්න කියලා ගොඩවැදුනු නිවසේදී සිද්ද වුනේ මොකක්ද? එම නිවෙසේ වෙසෙන ශේකර් නම් නීතිඥයාව ඝාතනය කළේ කවුද? එහෙම කළේ ඇයි? ඒ චෝදනාව ‍කොහොමද වික්‍රම් මත පැටවුනේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකට උත්තර තියෙනවා මේ කතාවේ. ඔබටම සිද්ද වෙනවා ඒ උත්තර හොයා ගන්න.

    සිද්ධාර්ත් මල්හෝත්‍රා, සොනක්ෂි සින්හා සහ ආක්ෂේ ඛන්නා ප්‍රධාන චරිතයන්ට දායක වෙන අතරේ මන්දිරා බේඩි ආරධිත රංගනයක නිරත වෙනවා. ආක්ෂේ ඛන්නා කොයි තරම් හොඳ පොලිස්කාරයෙක්ද කියලා Mom (2017) චිත්‍රපටය නරඹපු ඔබ දකින්න ඇතිනේ. ඔහුගේ ඒ චරිතයට ඇති සුවිශේෂී හැකියාව මේ චිත්‍රපටයෙදිත් ඔබට දැක ගන්නට පුලුවන් වේවි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අභය චොප්රා.1969 වසරෙදි මේ නමින්ම තිරගත වුනු බොලිවුඩ් චිත්‍රපටයේ රීමේක් එකක් හැටියට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පැරණි නිර්මාණයට රංගනයෙන් දායක වෙලා තිබුනේ රාජේෂ් ඛන්නා, නන්දා සහ සුජිත් කුමාර්. ඒ චිත්‍රපටයත් 1964දි තිරගත වනු Signpost to Murder කියන හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් බව තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. Mystery, Thriller කියන වර්ගීකරණයට අයත් වෙන මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.5/10ක අගයක් හිමි කරගෙන තියෙනවා. අවසාන වශයෙන් කියන්නම ඕන මේ චිත්‍රපටය මේ වසරේ නැරඹු හොඳම ත්‍රිලර් චිත්‍රපට අතුරින් එකක් බව. අනිත් කාරණේ තමයි බොලිවුඩ් විරෝදීන් පිරිසක් ඉන්නවානේ බොලිවුඩ් චිත්‍රපටවල සිංදු තියෙන නිසා ඒ චිත්‍රපට බලනනෙත් නැති. අන්න ඒ අයටත් මේ චිත්‍රපටය නරඹන්න කියලා නිර්දේශ කරනවා. මොකද මේකේ බෙහෙතකටවත් සිංදුවක් නම් නෑ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Ittefaq (2017) සිංහල උපසිරැසි” Ittefaq.(2017).Sinhala.Subtitle.rar – Downloaded 629 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram