More

    Madame Web (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Madame Web (2024) Sinhala Subtitle

     

    2024 අවුරුද්දේ Marvels ආයතනය විසින් සෝනි ආයතනය සමඟ එකතු වෙලා, තවත් විශ්වයක් නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා. කලින්, MCU එක හැමෝම දන්නවානේ. අන්තිමේදී ඒක අවසන් වුනු හැටි End Game එකෙන් බලන්න ඇතිනේ. දැන්, මෙයාලාගේ උත්සාහය Sony’s Spider-Man Universe (SSU) එකක් නිර්මාණය කරන්න. මේක ඇත්තටම Spider Man චිත්‍රපටි මාලාවේ ඉදිරි දැක්මක්. මේ වෙනකොට Spider Man චිත්‍රපටි තුනක් නිර්මාණය වුනා, Sony ආයතනය සමඟින්. මේ එතකොට ඒ චිත්‍රපටි මාලාවේ හතරවෙනි චිත්‍රපටිය.

    මේ චිත්‍රපටි‌ය ඇත්තටම සුපිරි වීරවරියන් කීපදෙනෙක්, SSU එකට හඳුන්වාදෙන චිත්‍රපටියක්. ඉදිරියේදී Spider Women අපිට දකින්න ලැබේවි. මේ ඒකට ප්‍රේක්ෂකයන් සූදානම් කිරීමක්. චිත්‍රපටිය ගැන බොහෝ දෙනා දක්වන්නේ ඍණාත්මක අදහස්. ඒත්, මේ චිත්‍රපටිය, චරිත හඳුන්වාදෙන්න හදපු එකක් විදියට බලන්න, එතකොට ඒක එච්චරටම නරක නෑ කියලා තේරේවි.

    කැසැන්ඩ්‍රා වෙබ් කියන්නේ ගිලන් රථ රියදුරුවරියක්. ඇයගේ රැකියාව නිරන්තරයෙන් හදිසි අවස්ථා එක්ක කටයුතු කිරීම. එක දවසක සිදුවෙන හදිසි අනතුරකින් පස්සේ, ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ, ඇමසන් වනාන්තරයේ සිදුකරන මකුළු ගවේෂණයක් සමඟින්. මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් චිත්‍රපටිය අතරතුරදී. මේකේදී මම කලින් කිව්වා වගේ, සුපිරි වීර චරිත කීපයක් සිනමා විශ්වයට හඳුන්වාදෙනවා. ඒ සමහර චරිත අපි හිතන ඒවා නෙමෙයි, අපි හිතන විදියේ ඒවාත් නෙමෙයි, මුල ටික බලාගෙන යනකොට, අපි පෙරනිමිති කියන විදියේ අයත් නෙමෙයි. ඔයාලාත් බලන්නකෝ.

    Madame Web චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ S. J. Clarkson විසින්. මේ ඇයගේ පළවෙනි Marvels චිත්‍රපටිය. Sony Pictures Releasing මඟින් බෙදාහැරීමේ කටයුතු සිදුකරපු චිත්‍රපටියක්. රඟපෑමෙන් දායක වෙනවා, Dakota Johnson (කැසී), Sydney Sweeney (ජූලියා), Isabela Merced (අන්‍යා), Celeste O’Connor (මැටී), Tahar Rahim (එසකයිල්) ඇතුළු පිරිසක්.

    එහෙනම්, හැමෝම මේ චිත්‍රපටිය රස විඳින්න, මේ සිංහල උපසිරැසියත් එක්ක. හැමදාම කියනවා ව‌ගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල් අපිට කියන්න. හැමෝටම ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Madame Web (2024) සිංහල උපසිරැසි” Madame.Web.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1103 times – 944 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram