spot_img

Minions The Rise Of Gru (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2022 අවුරුද්දේ තිරගත වුණු තවත් ලස්සන animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන අද ආවේ. මේක Minions: The Rise of Gru චිත්‍රපටිය. Despicable Me චිත්‍රපටි මාලාවේ පස්වන කතාව, නැත්නම් Minions චිත්‍රපටි මාලාවේ දෙවෙනි කතාව විදියට තමයි මේක නිකුත් කෙරුණේ. Universal Pictures කට්ටිය වැඩිම කාලයක් ප්‍රචාරක කටයුතු වල යෙදුණු චිත්‍රපටිය විදියට මේක සමහරු හඳුන්වනවා. ඒකට හේතුව, මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය (official trailer) නිකුත් කරලා අවුරුදු 2 1/2 ක් ගියා චිත්‍රපටිය නිකුත් කරන්න. හැබැයි, ජනප්‍රියතාවයේ කිසිම අඩුපාඩුවක් ඒ නිසා සිදුවුනේ නෑ.

Web ratings වලත් හොඳ ජනප්‍රියතාවයක් මේ චිත්‍රපටියට ලැබිලා තියෙනවා. මේ ලිපිය ලියන මොහොතේදී IMDB 6.8, RottenTomatoes 70%, Google Users 94% තම කැමැත්ත පල කරලා තිබ්බා. ඒ වගේමයි ආදායම් වාර්ථාත්. ඩොලර් මිලියන 80ක වියදමකින් නිෂ්පාදනය කල මේ චිත්‍රපටිය, මේ වෙනකොටත් ඩොලර් මිලියන 719 කට වඩා ආදායමක් උපයගෙන තියෙනවා.

Kyle Balda විසින් අධ්‍යක්‍ෂණය කරපු කතාව ලියලා තියෙන්නේ Brian Lynch නැමැති comic book රචකයා විසින්. තම කටහඬ දායකත්වය ලබා දෙනවා Steve Carell (ගෲ), Pierre Coffin (කෙවින්), Taraji P. Henson (බෙලේ බොටම්), Alan Arkin (වයිල්ඩ් නකල්ස්) ඇතුලු පිරිසක්. Illumination ආයතනය විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය බෙදාහැරුනේ Universal Pictures මඟින් 2022 ජූලි 01 වෙනිදා සිට.

කතාව කෙටියෙන් කියන්නම්. 1976 දී අවුරුදු 11ක් වූ ගෲ, ඔහුගේ එකම අරමුණ වුනු ලෝකයේ හොඳම දුෂ්ඨයා වීම සාක්ෂාත් කරගන්න උත්සාහ කරනවා. මෙ‍හිදී ඔහුට දැනගන්න ලැබෙනවා, දුෂ්ඨ හය කණ්ඩායමේ එක් පුරප්පාඩුවක් ඇතිවෙලා තිබෙන බව. ඒ පුරප්පාඩුව පුරවන්න යන ගෲ, සිදුකරන්නේ කවුරුවත් නොසිතූ බලාපොරොත්තු නොවූ දෙයක්. ඒ නිසා, ගෲ ටත් අනෙක් අයටත් මුහුණ දෙන්න සිදුවෙන්නේ කරදර ලෝකයකට. මේ ගැන විස්තර දැනගන්න, මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram