More

    Missing (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ත්‍රිලර් චිත්‍රපට රසිකයන් වෙනුවෙන්ම තවත් චිත්‍රපටයක් උපසිරැසි ගන්වලා අරගෙන ආවා. ‘මිසින්ග්’ චිත්‍රපටයේ අධ්‍යකෂකවරයා මුකුල් අභ්‍යන්කර්. ප්‍රමුඛ පෙළ රංගනයෙන් දායක වෙන්නේ බොලිවුඩයේ ප්‍රවීණතම සහ දක්ෂතමයන් දෙදෙනෙක්. ඒ මනෝජ් බජ්පායි සහ තාබු. සහ ඊට අමතරව තවත් ප්‍රවීණයෙක් වෙන අනූ කපූර් සහය චරිතයකින් දායක වෙලා තියෙනවා. සහය චරිතයක් කිවුවාට කතාව ඇතුලේ ඔහු‍ටත් ලොකු ඉඩක් වෙන් වෙලා තියෙනවා. ‘මිසින්ග්’ චිත්‍රපටයට හිමි IMDB දර්ශක අගය 6.3/10ක්. හැබැයි මම නම් අත දිගඇරලා 8/10ක් දෙනවා. මොකද චිත්‍රපටය ඒ තරම්ම රසවත් නිසා. පටන් ගැන්මේ ඉඳන් අවසානය වෙනකම්ම බොහොම කුතුහලයෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක්. ඒ වගේම චිත්‍රපටය නරඹද්දි ඔබ නොයෙක් අනුමානයන්ට එ‍ළැඹෙන්නට පුලුවන්. නමුත් කතාව ඉදිරියට ගලාගෙන යද්දි ඒ අනුමානයක් වැරදි බව ඔබටම තේරේවි. ඊට පස්සෙ ඔබ තවත් අනුමානයකට එළැඹේවි. තවත් චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යද්දි ඒ අනුමානයත් වැරදී ඇති බව ඔබට පෙනේවි. කියන්න සංතෝසයි මට සිද්ද වුනේ ඕන සංතෑසිය තමයි.

    හරි කතාව ගැන නම් ඉතින් ලොකු විස්තරයක් කියන්න බැහැ. චිත්‍රපටයේ නමෙන්ම තේරෙනවානේ මේක අතුරුදහන්වීමක් වටා ගෙතුනු කතාවක් බව. සුෂාන්ත්ට තමන්ගේ රාජකාරි කටයුත්තක් සඳහා මොරිෂස් දූපතට යනවා. ඔහු යන්නේ ඔහුගේ බිරිඳ අපර්ණා සහ අවුරුදු තුනක් වයසැති දියණිය තිත්ලීද කැටුව. ඔහුන් දියණිය තිත්ලී මේ වෙද්දි තදබල ලෙස උණ රෝගෙයන් පීඩි විඳිමිනුයි ඉන්නේ. තිදෙනා කලින්ම වෙන් කරගෙන සිටි විදියටම එහි නිවාඩු නිකේතනයක නවාතැන් ගන්නවා. පසුවදා අවදිවෙලා බලද්දි සුෂාන්ත්ගේ සහ අපර්ණාගේ දියණිය තිත්ලී ඔවුන්ගෙ නවාතැනේ නැති බව ඔවුන් දැනගන්නවා. නිවාඩු නිකේතනයේ සේවක මණ්ඩලයේත් සහාය ඇතිව හැකි සෑම තැනකම බැලුවත් ඔවුන්ට දියණිය තිත්ලීව හොයා ගන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් අසනීප තත්ත්වයෙන් සිටි වයස අවුරුදු තුනක් තරම් වූ පුංචි දැරියක් කොහොමද මෙහෙම එකපාරටම අතුරුදහන් වෙන්නේ… ඒ ගැන තමයි ‘මිසින්ග්’ චිත්‍රපටයේ ඉදිරි හැරුම. නරඹන්න ‘මිසින්ග්’. බලන්න ඔබට මට වඩා හොඳින්චිත්‍රපටයේ අවසානය ගැන අනුමානයකට එළැඹෙන්න පුලුවන්ද කියලා.

    අපි ලබා දීලා තිබෙන ටොරන්ට් එකම ඩවුන්ලෝඩ් කරගන්න. සමහර HD පිටපත් තියෙනවා ඕඩියෝ හරියට සින්ක් වෙන්නේ නැති. ඒ පිටපතට උපසිරැසිය උනත් ගැලපෙන්නේ නෑ. ඔබට කිසිම අපහසුතාවයකට මුහුණ දෙන්න වෙන එකක් නෑ පහතින් දීලා තියෙන ටොරන්ට් එකම ඩවුන්ලෝඩ් කරගත්තොත්. හොඳයි එහෙනම් තවත් උපසිරැසියක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Missing (2018) සිංහල උපසිරැසි” Missing.(2018).Sinhala.Subtitle.rar – Downloaded 254 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram