today-is-a-good-day
More

    Morbius (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා තවත් එක් වීරයෙක් හඳුන්වා දුන් අවස්ථාවක්. වෙනස් විදියක කතාවක් පාදක කරගෙන තමයි චිත්‍රපටිය දිවෙන්නේ. ඒ නිසාම, ඒක ජනප්‍රිය වුනා කියලා මම හිතනවා. ක්‍රියාදාම සහ විද්‍යාත්මක චිත්‍රපටියක් විදියට තමයි මේක එලිදැක්වුනේ. ලස්සනට තාක්‍ෂණය යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා.

    චිත්‍රපටි කීපයක්ම අධ්‍යක්‍ෂණය කරපු ස්පාඤ්ඤ ජාතික Daniel Espinosa තමයි ‍මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. මේ ඔහුගේ පළවෙනි Marvels චිත්‍රපටිය. විනාඩි 104ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය Avi Arad, Matt Tolmach සහ Lucas Foster විසින් නිෂ්පාදනය කර Sony Pictures Releasing මගින් බෙදාහැරුණා. රඟපෑම සඳහා යොදාගත්ත නළු නිලියන් ඉතාම දක්‍ෂයි. නම් වශයෙන් කිව්වොත්, Jared Leto (මයිකල් මෝබියස්), Matt Smith (ලුසියන්, මයිලෝ), Adria Arjona (මාටිනි), Jared Harris (නිකොලොස්) ඇතුළු පිරිසක්.

    කතාව කෙටියෙන් කියන්නම්. මේක සුපිරි වීර චරිතයක් හෝ සුපිරි දුෂ්ඨ චරිතයක් නිර්මාණය කරන්න Marvels කණ්ඩායම ගත් උත්සාහයක්. ඒක චිත්‍රපටිය බලද්දී තේරේවි. මයිකල් කියන්නේ උපතින්ම හඳුනානොගත්, බෙහෙතක් නැති ජාන රෝගයකට ගොදුරු වූ අයෙක්. ඔහුට රෝහලේදී මුණ ගැහෙනවා ලුසියන්, ඒ වගේම රෝගයෙන් පෙලෙන අයෙක්. මයිකල්ගේ එකම අරමුණ වෙන්නේ, මේ යාළුවාට සුවවෙන බෙහෙතක් සෙවීම. මේ සඳහා ඕනම දෙයක් කරන්න ඔහු පැකිලෙන්නේ නෑ. මේ අරමුණ සාර්ථක වේවිද? ඔහුගේ ඉදිරි ජීවිතය මොනවගේ වේවිද? ‍මයිකල් කියන්නේ වීරයෙක්ද දුෂ්ඨයෙක්ද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Morbius (2022) සිංහල උපසිරැසි” Morbius.(2022).Sinhala.Subtitle.rar – Downloaded 20074 times – 645 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram