spot_img
spot_img
More

    Naam Shabana (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඇය නමින් ෂබානා ඛාන්. ඉතාමත් නිර්භීත, බුද්ධිමත්, ශක්තිමත් නමුත් හිතුවක්කාර තරුණියක්. ළමා කාලයේ පටන් කටුක, අමිහිරි අත්දැකීම් ගොන්නකට මුහුණු දුන් කෙනෙක්. බේබදු පියාගේ හිරිහැරවලින් ඇයත් ඇයගේ මවත් බොහෝ කාලයක් පටන් පීඩා විඳිනවා. එවන් එක් අවාසනාවන්ත දිනෙක බීමත් පියාගේ දරුණු පහරකෑමට ලක්ව සිටින තමන්ගේ මව බේරා ගැනීම වෙනුවෙන් පියාට එල්ල කරන පහරකින් ඇයගේ පියා මිය යනවා. ඒ වෙනුවෙන් වසර කිහිපයක් සිර දඬුවම් පවා විඳින ඇය ඉන් නිදහස්ව පැමිණි නැවතත් තමන්ගේ මව සමගින් වාසය කරමින් උසස් අධ්‍යාපනය හදාරනවා. එහිදී ඇයට මුණගැසන ජය නම් තරුණයෙකු සමග පෙමින් බැඳෙන ෂබානා සොයා නැවතත් අවාසානාව පැමිණෙන්නේ ඉතාමත් අනපේක්ෂිත අයුරින්. ජය සමගින් මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සල්ලාල තරුණයක් කිහිප දෙනෙකු නොමනා අයුරින් කරන විහිළුවක් නිසාවෙන් කෝපාවිශ්ඨ වන ඇය එම තරුණයන් සමගින් ගැටුමකට මුලපුරන්නේ ජායිගේ විරුද්ධත්වයද තඹයකට මායිම් නොකරමින්. තරුණයක් අතර සිරවන ෂබානා බේරාගැනීමට ගැටුමට මැදිහත් වන ජය එක් තරුණයෙකුගේ දරුණු පහරදීමකට ලක්වෙනවා. සල්ලාල තරුණයන් සිවු දෙනා එතනින් පලා යනවා. ‍රෝහල්ගත කිරීමෙන් අනතරුව ජායි මිය යනවා.

    තමන්ට දිවි දෙවනි කොට ආදරය කළ ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදු වුනේ තමන්ගේ හිතුවක්කාර තීරණය නිසාවෙන් බව ඇගේ සිතට වද දෙන්නට පටන් ගන්නවා. දහස්වරක් හදවතින් පසුතැවිලි වන ඇය ජායිගේ මරණයට වගකිය යුතු ඒ අපරාධකරුවන් සොයා දඬුවම් දීමට නීතියේ සහය පැතුවත් ඇයට නීතියෙන් කිසිදු සහයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් සැඟවී සිටින ඉසවුවක් ගැන කිසිදු හෝඩුවාවක් නොලැබුනු බවයි ඇයට මාස ගණනාවක් පුරාවටම පොලීසියෙන් ලැබෙන පිළිතුර වෙන්නේ. ජායි වෙනුවෙන් යුක්තිය ඉටුකර ගත නොහැකිව අසරණව සිටින මේ මොහොතේ ඇයට ලැබෙන එක් ඇමතුමක් නිසාවෙන් ඇයගේ ජීවිතයම කණපිට හැරෙනවා.

    අනන්‍යතාවය හෙළි නොකරන ඇමතුමෙන් කියවෙන්නේ ජායිගේ මරණයට වගකිය යුතු අපරාදකරුවන් ‍සොයා ගැනීමට ෂබානාට උදවු කිරීමට තමන්ට හැකි බවයි. නීතියේ පිළිසරණක්ද නොමැතිව අසරණව සිටි ෂබානාට එම ඇමතුමෙන් නව ජීවයක් ලැබෙනවා. නමුත් එම උපකාරයට කරන ප්‍රතිඋපකාරයක් හැටියට ඇයට සිදුවෙනවා ඇමතුම්කරුවා වෙනුවෙන් යම් රාජකාරියක් ඉටුකර දීමට… එතින් එහාට කතාන්දරය බොහෝම උද්වේගකර එකක් වෙනවා. ඇයට ජයගේ ඝාතකයන් සොයා ගැනීමට හැකි වේවිද? ඇයට සහාය වීමට ඉදිරිපත් වන මේ අදිසි හස්තය කුමක්ද? ඔවුන් ෂබානාගෙන් බලාපොරොත්තු වන ප්‍රති උපකාරය මොකක්ද? ඇයට මුහුණ දෙන්නට සිදුවන අභියෝග ඇය කෙසේ ජය ගනීවිද? චිත්‍රපටය අවසාන වන තෙක් නැරඹුවහොත් ඔබට සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ගලපා ගන්නට හැකි වේවි.

    සිනමා රසික ඔබට 2015 වසරේ තිරගත වුනු Baby චිත්‍රපටය නිසැකවම මතක ඇති. එම චිත්‍රපටයෙන් ඔබ දුටු කතාන්දරයට පෙර සිදු වූ සිදූවීම් පෙළක් පාදක කරගෙන තමයි මේ Naam Shabana චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක Baby චිත්‍රපටයේම Prequal එකක්. අන්තර්ජාලයේ යම් තැනක සඳහන් වී තිබුනා Baby චිත්‍රපටයේ සෑම ප්‍රධාන චරිතයක් සඳහාම වෙන වෙනම චිත්‍රපට (Solo Movie) නිර්මාණය කරන්නට සූඳානමක් පවතින බව. එය තවම නිළ වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැහැ. අපි බලමු සමහර විට මෙම චිත්‍රපටය ඒ සඳහා ගත් ආරම්භයක් වෙන්නටත් පුලුවන්.

    Action, thrillerලෙසින් වර්ගීකරණය වී තිබෙන මේ චිත්‍රපටයේ IMDB දර්ශක අගය 6.4/10ක්. ශිවම් නායර්ගේ අධ්‍යක්ෂණයක්. ටොලිවුඩ් සිනමාව හරහා සිනමාවට පිවිස Chashme Baddoor (2013), Baby (2015), Pink (2016) වැනි චිත්‍රපට හරහා මේ වන විට බොලිවුඩයේද නමක් දිනාගෙන සිටින සුරූපී නිළි තප්සී පන්නූ ප්‍රධාන රංගන දායකත්වය සපයන අතරේ ප්‍රිථිවිරාජ් සුකුමාරන්, මනෝජ් බජ්පායි, විරේන්ද්‍ර සක්‍සේනා වැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්,අනුපම් කේර් සහ එලී අව්රාම්ද මෙහි ආරාධිත රංගනයන් සඳහා එක් වී තිබෙනවා. හොඳයි එහෙනම් චිත්‍රපටය නරඹා රසවිඳින හැටියට සියල්ලන්මට ආරාධනය කරමින් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “Naam Shabana (2017) සිංහල උපසිරැසි” Naam.Shabana.(2017).Sinhala.Subtitle.rar – Downloaded 429 times – 30 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram