today-is-a-good-day
More

    Newton (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය. අමිත් මසූර්කර් සිනමා නිර්මාණයක්. රාජ්කුමාර් රාවෝගේ තවත් සුවිශේෂී රංගනයක්. Comedy, Drama ලෙසින් වර්ගීකරණය වී ඇති චිත්‍රපටයේ IMDB දර්ශක අගය 8.2ක්. වසරේ හොඳම චිත්‍රපට අතලොස්ස අතරට අවිවාදයෙන්ම එක්වන්නක්. ‍

    Ragini MMS (2011), Shaitan (2011), Shahid (2012), Kai Po che! (2013, CityLights (2014), Hamari Adhuri Kahani (2015), Aligarh (2015), Trapped (2017), Bareilly Ki Barfi (2017) වැනි චිත්‍රපට ගණනවකදීම තමන්ගේ රංගනය වෙනුවෙන් උපරිම සාදාරණයක් ඉටු කළ මෑත කාලයේ සිනමාවට එක් වූ දක්ෂතම රංගන ශිල්පීන් කිහිප දෙනා අතරේ ඉහළින්ම නම කියැවෙන රාජ්කුමාර් රාවෝ මෙම චිත්‍රපටයෙදිත් තමන්ගේ චරිතයට තම උපරිමය ලබා දී තිබුනා. ඔහු සමගින් සෙසු චරිත සඳහා අංජලී ප‍ටිල්, පන්කජ් ත්‍රිපාති සමගින් සංජය මිශ්රා එක් වී තිබෙනවා.

    නිව්ටන් කුමාර් (රාජ්කුමාර් රාවෝ) බොහෝම අවංක කාර්යක්ෂම රාජ්‍ය සේවකයෙක්. ඔහු තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරන්නට හැකි හැමවිටම උත්සාහ කරන කෙනෙක්. ඔහුට සිදු වෙනවා මැතිවරණ රාජකාරි සඳහා ඉන්දීයාවේ දුෂ්කරම ගම් ප්‍රදේශයකට යන්නට. මාවෝවාදීන් විසින් සිදු කරන ඝාතන බහුලව සිදුවන ප්‍රදේශයක් නිසා එම ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා යන්නට නිලධාරීන් කැමැත්තක් දක්වන්නෙ නැහැ. නමුත් නිව්ටන් ස්ව කැමැත්තෙන්ම එම ඡන්ද ම්‍යස්ථානයේ රාජකාරී සඳහා ඉදිරිපත් වෙනවා.

    මාවෝවාදී ක්‍රියාකාරකම් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට කල් තියාම අනතුරු ඇඟවීම් සිදු කළ නිසාවෙන් ඡන්ද මධ්‍යස්ථානය පිහිටි එම දුෂ්කර ගම්මානයට පැමිණෙන නිව්ටන් ඇතුලු ඔහුගේ සහායක නිලධාරීන්ටත් ඡන්ද මධ්‍යස්ථානයටත් එම ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුර හරහා දැඩි ආරක්ෂාවක් ලබා දෙනවා. නමුත් එකදු ඡන්ද දායකයෙක්වත් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය පැත්ත පළාතේ එන්නෙ නෑ. මෙතරම් ආරක්ෂාවක් ලබා දී තිබියදීත් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරිමට නොඑන්න හේතුම කුමක්ද? ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි බාර ප්‍රධාන නිලධාරියා හැටියට නිව්ටන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීවිද ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථානයට ගෙන්වා ගන්න? බලාපො‍රොත්තු නොවූ අවසානයක් චිත්‍රපටය නරඹන ඔබට දැක ගන්නට හැකි වේවි කියන මතක් කිරීම පමණක් කරනවා. තවත් චිත්‍රපටයක් සමගින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව ඔබෙන් සමුගන්නවා. සුභ දවසක්! සතුටින් ඉන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “Newton (2017) සිංහල උපසිරැසි” Newton.(2017).Sinhala.Subtitle.rar – Downloaded 246 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram