More

    No Hard Feelings (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    No Hard Feelings (2023) Sinhala Subtitle

     

    අද මම No Hard Feelings (2023) චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආවේ. මුලින්ම කියන්න තියෙන්නේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. ඇත්තම කිව්වොත් මේක sex comedy චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම අපේ සංස්කෘතියට වෙනස් දේවල් තියෙනවා. ඒ නිසා, හැමෝම දැනගෙන නරඹන්න. හොඳට විනෝද වෙන්න පුළුවන්.

    Jennifer Lawrence කියන්නේ කවුරුත් ආදරේ කරන චරිතයක්නේ. ඉතිං, මේ නිළිය ඉන්න චිත්‍රපටි මඟහැරගන්නේ කොහොමද? මේ චිත්‍රපටියේත් ඇය රඟපාන්නේ අවුරුදු 32ක් වයසැති කාන්තාවකගේ චරිතයක්. විශේෂත්වයක් වෙන්නේ, ඇත්තටම ඇයගේ වයසත් ඒකම වීම. චිත්‍රපටිය නිෂ්පාදනයටත් ඇය දායක වෙලා තියෙනවා.

    මැඩී කියන්නේ මොන්ටක් ගමේ වාසය කරන ඒ ගමේම හැදී වැඩුණු කාන්තාවක්. ඇයගේ මවගෙන් උරුම වුනු නිවසක් ඇයට හිමියි. නමුත්, ඇයට බදු ගෙවීමේ අපහසුවක් නිසා, ඇයට අයිති දේපල රාජ සන්තක කරනවා. ඒ අතරේ ඇයගේ කාර් එකත් ඇතුලත්. ඇය වෘත්තියෙන් ටැක්සි රියදුරෙක්. ඉතිං, තමන්ගේ වාහනේ නැතුව, රැකියාව කරන්නේ කොහොමද? බදු ගෙවීම නොකලොත්, ඇයට නිවසත් අහිමිවෙන බව දැනගන්න මැඩී, කොහොමහරි නිවස බේරගන්න විධියක් හොයනවා.

    පර්සි කියන තරුණ පිරිමි ළමයා, ලැජ්ජාශීලි, වැඩි සමාජ ආශ්‍රයක් නැති කෙනෙක්. එයාගේ දෙමාපියන්ට අවශ්‍ය වෙනවා, මේ කුළෑටි ගතිය නැති කරන්න, ඔහුට පෙම්වතියක් සොයාගන්න. මේ දැන්වීම දකින්නේ මැඩී. දැන්වීමේ හැටියට, පර්සි ගේ කුළෑටි ගතිය නැති කලොත්, තෑග්ගක් විදියට ලැබෙන්නේ බියුක් වර්ගයේ කාර් එකක්. මැඩීගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරක් එතන තියෙනවා. දැන් මැඩී කොහොමද පර්සිව එයා ඉන්න කට්ටෙන් එලියට අරගන්නේ? මේක තමයි මේ චිත්‍රපටියේ කතාව. ඉංග්‍රීසි සමාජයේ විදියට කතාව ගොඩනගලා තියෙන නිසා, සමහර විට මේක අපේ අයට නොගැළපෙන්න පුළුවන්. ඒත් මේක ඉංග්‍රීසි චිත්‍රපටියක්නේ… දැනගෙන බලන්න.

    යුක්රේන ජාතික Gene Stupnitsky තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුගේම සිතුවිල්ලක් තමයි මේ චිත්‍රපටියට නගලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Jennifer Lawrence (මැඩී), Andrew Barth Feldman (පර්සි), Laura Benanti (ඇලිසන්), Matthew Broderick (ලෙයාර්ඩ්) ඇතුළු පිරිසක්. Sony Pictures Releasing සමාගම විසින් ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරනවා. ඩොලර් මිලියන 45ක වියදමකින් නිර්මාණය වුණු චිත්‍රපටිය, මේ වෙනකොටත් ඩොලර් මිලියන 86.7 ක සීමාව ඉක්මවා අවසන්ලු.

    එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, පුළුවන් හැමෝම මේ උපසිරැසි වල ගුණ දොස්, හොඳ නරක, වැරදි අඩුපාඩු, ගල් මල් අපිට දෙන්න. ඒවායෙන් අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩිකරගන්න පුළුවන්. සියළු දෙනාටම ජයවේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “No Hard Feelings (2023) සිංහල උපසිරැසි” No.Hard.Feelings.(2023).Sinhala.Subtitle.rar – Downloaded 6623 times – 986 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram