More

    Nowhere (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Nowhere (2023) Sinhala Subtitle

     

    රටේ සම්පත් හිඟය පාලනය කිරීම සඳහා දරුණු, ඒකාධිපති තීරණයකට එළඹෙන ස්පාඤ්ඤ රජය සැලසුම් කරන්නේ වයෝවෘද පුරවැසියන්, කුඩා දරුවන්, හා ගැබිණි කාන්තාවන් සංහාරයකට ලක් කිරීමටයි. මෙම තීරණය  හමුවේ අසරණව, තම ජීවිතය බේරා ගැනීම උදෙසා රටින් පලායන ගැබිණි මවකට මුහුණ දීමට සිදුවියහැකි දරුණුතම අත්දැකීම කුමක් විය හැකිද?

    මහා සාගරයක් මැද හුදෙකලාව, කන්ටේනර් පෙට්ටියක් තුළ සිරවී, ප්‍රචණ්ඩ කුණාටුවකින් බැට කමින්, දරුවෙකු ප්‍රසුත කරන්නට සිදුවුවහොත්…

    මියා. බිළිඳෙකු සමඟ මහා මුහුද මැද ජීවිතය රැක ගන්නට පොර බදින ඇගේ කතාවයි මේ.

    Nowhere. 2023 සැප්තැම්බර් 29 දින සිට ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයකට පාත්‍ර වූ මෙම ස්පාඤ්ඤ චිත්‍රපටය, මේ වනවිට 6.4 ක IMDb අගයක් ලබා ඇති, Netflix මඟින් බෙදා හරින ලද චිත්‍රපටයකි. මෙහි අධි සංවේදී, ප්‍රචණ්ඩකාරී, සහ නිරුවත් දර්ශණ ඇතුළත් බැවින්ද, ආක්‍රමණශීලි භාශා භාවිතයන්ද නිසා  මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වී ඇත. “Survival thriller” ශානරයේ චිත්‍රපටයක් වන මෙය, ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයා ඇදබැඳ තබාගන්නේ, ඔවුනට ත්‍රාසය, කුතුහලය පිරි අපුරු අත්දැකීමක උපරිම වින්දනයක් ලබා දෙමිනි.

    ලෝක සිනමාවට එකතු වූ මෙම නවමු ශ්‍රේෂ්ට සිනමාකෘතිය, ස්පාඤ්ඤ බසින් සිංහල බසට හරවා, උපසිරැසි සමඟින් ඔබ වෙත රැගෙන එන්නේ, එම විශිෂ්ට අත්දැකීම ඔබටත් ඒ අකාරයෙන්ම රසවිඳීමේ අවකාශය ලබාදීමේ අරමුණෙනි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Nowhere (2023) සිංහල උපසිරැසි” Nowhere.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1301 times – 514 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සත්‍යා හපුගහලන්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි සත්‍යා ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. සත්‍යා හපුගහලන්ද ,
      ලෝක සිනමාවේ තවත් විශිෂ්ඨ නිර්.මාණයක් අප හට සමීප කල ඔබට බොහොමත් ම ස්තූතියි.මේ සඳහා ඔබ යොදාගෙන ඇති සරල සිංහල බස් වහර නිසා කිසිදු ආගන්තුක බවකින් තොරව චිත්‍රපටය නැරඹීමට අවස්තාව ලැබුනි.ලෝක සිනමාවේ තවත් මෙවැනි විශිෂ්ඨ සිනමා කෘති ඔබගේ උපසිරැසි සමග අප වෙත ලැබේවී යැයි බලාපොරොත්තු සිටිමු.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram