More

    Totally Killer (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Totally Killer (2023) Sinhala Subtitle

     

    1987 වසරේ හැලෝවීන් මාසයේදී, සිවුදෙනෙකු ගෙන් යුත් නව යොවුන් තරුණියන්ගේ මිතුරු කල්ලියක් පසුපස හඹා යමින්, අමානුෂික අයුරින් ඔවුන් දඩයම් කල කුප්‍රකට ඝාතකයා “Sweet 16 killer”, අවුරුදු 35කට පසු නැවතත් කරළියට පැමිනෙන්නේ ඔහුට මඟ හැරුණු සිවුවන දඩයමත් සාර්ථකව  ඝාතනය කරමින් ඔහුගේ පුනරාගමනය සනිටුහන් කරමිනි.

    තම මවගේ මරණයත් සමඟ, මෙයට මැදිවන 17 හැවිරිදි ජේමී හියුස්, තම මිතුරිය විසින් නිර්මාණය කරන ලද කාලතරණ යන්ත්‍රයක ආධාරයෙන් 1987 වර්ෂයට, එනම් හරියටම මීට අවුරුදු 35කට පෙර සිදු වූ ඒ ඝාතන රැල්ල ආරම්භ වන දිනයට ගමන් කරයි. ඒ වන විට නව යොවුන් අවදියේ පසුවන තමන්ගේම මව සමඟ එක්වී ඇය උත්සාහ කරන්නේ මෙම ලේ පිපාසිත ඝාතකයා, ඔහුගේ ඝාතන රැල්ල ආරම්භ කිරීමට පෙරම එය නවත්වාලීමටයි. ඔහුව නවතා තම මවගේ ජීවිතය බේරා ගැනීමටයි.

    ලේ පිපාසිත ඝාතකයෙකු පසුපස, අතීතයට හඹා යන මෙම චාරිකාවේදී ජෙමීට 80 දශකයේ සමාජීය පසුබිම, තරුණ තරුණියන්ගේ හැසිරීමේ රටාවන්හි වෙනස්කම්, නීතියේ අඩුලුහුඬුකම්, පමණක් නොව අදට සාපේක්ෂව තාක්ෂණයේ පැවති නොදියුණුකම් සමඟ පවා ගැටීමට සිදු වේ. මේ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණදෙමින්  ඝාතකයා වළක්වාලීමට ඇයට හැකිවේවිද? කාලය නැමති ගංගාවේ, උඩුගං බලා පිහිනාගොස්, කාල අවකාශයේ වෙනස්කම් සිදුකර නැවත පැමිණෙන ඇයට, එම වෙනස්කම් වල බලපෑමෙන් අනාගතයේ සිදුව ඇති කෙබඳු තත්වයන් වලට මුහුණ දීමට සිදුවේවිද?

    Totally Killer. 2023 සැප්තැම්බර් 28 දින සිට ලොව පුරා ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳගත් මෙම චිත්‍රපටය, මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ලබා ඇත. Slasher, black comedy ශානරයට අයත්වන මෙම චිත්‍රපටය “Back to the future” සහ “Scream” යන චිත්‍රපට දෙකෙහි සුසංයෝගයකින් නිමැවූ නවතම සංකල්පයක් බව ලොවපුරා ජනප්‍රියව ඇති මතයකි. මෙහි ප්‍රචණ්ඩත්වය, ආක්‍රමණශීලී භාෂාව, ලිංගික අන්තර්ගතය, නවයොවුන්වියේ පිරිස් අතර සිදුකරණ මත්පැන් හා මත්ද්‍රවුය භාවිතය වැනි දේවල් අන්තර්ගත බැවින් මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (R rated) චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වී ඇත.

    පැය 1යි විනාඩි 46ක් පුරා දිවයන මෙම චිත්‍රපටය, ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්‍ෂකයා වෙත ත්‍රාසය, කුතුහලය මෙන්ම හාස්‍යයද නොඅඩුව ලබාදෙමින් ප්‍රේක්ෂකයා ඒ වෙත ඇදබැඳ තබාගන්නේ මොහොතකටවත් ඇස් ඉවතට ගැනීමට නොසිතෙන අයුරිනි.

    අපූර්ව මෙන්ම නැවුම්වූ සංකල්පයකින් යුතු මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් බැවින්, සිංහල උපසිරැසි සමඟින් මෙසේ ඔබවෙත ඉදිරිපත් කරන්නේ, මෙම නවමු අත්දැකීම ඔබටත් ඒ ආකාරයෙන්ම රසවිඳීමට අවස්තාව සලසාදීමේ අරමුණෙනි.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Totally Killer (2023) සිංහල උපසිරැසි” Totally.Killer.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3220 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සත්‍යා හපුගහලන්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි සත්‍යා සොයුරිය ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram