More

    Saw X (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Saw X (2023) Sinhala Subtitle

     

    පිළිකාවකින් පීඩා විඳිමින්, සිය ජීවිතයේ අවසානයට දින නියම වී සිටින ජෝන් ක්‍රේමර් හට දිනක්, අහම්බයකින්, ප්‍රාතිහාර්‍යයකින් මෙන් පිළිකා නිට්ටාවටම සුව කරනා ඖෂධයක් නිපැදවූ  වෛද්‍යවරයෙකු  පිළිබඳව ඔත්තුවක් ලැබෙනවා. මෙම අවධානම් සහගත ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා මෙක්සිකෝව බලා යන ජෝන් ක්‍රේමර් හට මුහුණ දීමට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමකටයි.

    කුප්‍රකට දාම ඝාතක ජෝන් ක්‍රේමර් එහෙමත් නැතිනම් ජිග්-සොව් (Jig-Saw), තම මෙක්සිකානු සංචාරයෙන්  පසු නව අරමුණකින් යුතුව නැවතත් තමන්ගේ සුපුරුදු රාජකාරියට එළැඹෙන්නෙ වංචනික හොර කණ්ඩායමකගේ ජීවිත උඩුයටිකුරු කරමිනි. මෙවන් දුර්වල මහල්ලෙකුගෙන් තමන්ට කිසි තර්ජනයක් සිදුවිය හැකි යැයි සිහිනේකිනිඳු නොසිතූ ඔවුන්, ජෝන් ක්‍රේමර්ගේ ඔහුටම අනන්‍යවූ    අතිඋපක්‍රමශීලී උගුල් වල සිරවෙන්නේ ඔවුන්ගේ ජීවිතයත් මරණයත් අතර තීරණය සෙල්ලමකට බාර කරමිනි.

    Saw X. 2023 සැප්තැම්බර් 28 දින සිට ලොව පුරා ප්‍රදර්ශනය  වන මෙම චිත්‍රපටය, 2004 සිට ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයකට පත් වූ Saw චිත්‍රපට මාලාවේ 10  වන දිගුව ලෙසින් නිකුත් වී ඇත. දරුණු ලේ වැගිරවීම්, ප්‍රචණ්ඩත්වය, වධ හිංසා, මිනිස් ඝාතන, භාෂාව සහ මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළත් දර්ශණ ඇති බැවින් මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (R rated) චිත්‍රපටයක් ලෙස වර්‍ගීකරනය වී ඇත. ඇඟ කිළිපොලායන දරුණු දර්ශන ඇතුළත් චිත්‍රපටයක් වන මෙය සුළු දෙයකින් පවා කම්පාවට පත්වන සංවේදී  පුද්ගලයන් විසින් නැරඹීමෙන් වළකින ලෙසින් අවවාද කිරීමට සිදුවේ.

    Horror/Thriller  ශානරයට අයත්වන මෙම චිත්‍රපටය, ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම, සිංහල බසට පරිවර්තනයකොට, උපසිරැසි සමඟින් ගෙන එන්නේ ඔබට මෙම චිත්‍රපටයේ උපරිම රසාස්වාදය ඒ අයුරින්ම  ලබාගත හැකි වේ යැයි යන අරමුණෙනි. එහෙමනම්, ඔබ සූදානම්ද සෙල්ලම පටන් ගන්න?

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Saw X (2023) සිංහල උපසිරැසි” Saw.X.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3248 times – 830 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    සත්‍යා හපුගහලන්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. ගොඩක්ම ස්තූතියි සත්‍යා සොයුරිය ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram