More

    Oppenheimer (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Oppenheimer (2023) Sinhala Subtitle

     

    Oppenheimer (2023) කියන්නේ අති දක්ෂ විද්‍යාඥයෙක්ගේ ජීවිත කතාව අලලා සැකසුණු, අති විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. ජේ. රොබර්ට් ඔපෙන්හයිමර් කියන්නේ අති විශිෂ්ඨ බුද්ධියක් සහිත විද්‍යාඥයෙක්. ලෝක ප්‍රසිද්ධ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ අවසන් කාලයේ විශ්ව විද්‍යාලවලට ඇතුල් වුණු මහචාර්යවරයෙක්. හැබැයි, අපි හැමෝම එයා ගැන දන්නේ වෙන දේකින්. ඒ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට එල්ල කෙරුණු පරමාණු බෝම්බයේ නිර්මාතෘ විදියට.

    පරමාණු බෝම්බයෙන් සිද්ධ වුණු විනාශය ගැන මම හිතන්නේ හැමෝම දන්නවා. නමුත්, ඒ විනාශකාරි බෝම්බය නිර්මාණය වූ හැටි දන්නේ අතලොස්සක් විතරයි. මේ චිත්‍රපටියේදී කතා කරන්නේ, ඒ අති විශිෂ්ඨ විද්‍යාඥයාගේ විශ්ව විද්‍යාල සමයේ ඉඳලා, දෙවෙනි ලෝක යුද්ධය අවසන් වෙලා පරමාණු බෝම්බයේ පලවිපාක ගැන. දේශපාලනය මේ විශිෂ්ඨ නිර්මාණය අපයෝජනය කරන හැටි මනාව මේ නිර්මාණයේදී දකින්න පුළුවන්.

    දෙවෙනි ලෝක යුද්ධයේදී ලුතිනල් ජෙනරල් ලෙස්ලි ග්‍රෝව්ස් විසින් භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඔපෙන්හිමර්ව අනුයුක්ත කරනවා, අති විශාල රහස් ව්‍යාපෘතියකට. මැන්හැටන් ව්‍යාපෘතිය. ඒ දෙවෙනි ලෝක යුද්ධය අවසන් කරන්න පුළුවන් විදියේ දරුණු ආයුධයක් නිර්මාණය කරන්න. ඒ නිර්මාණය තමයි පරමාණුක බෝම්බය. වැඩි විස්තර චිත්‍රපටියේ තියෙන නිසා, මම මීට වඩා කියන්නේ නෑ, හැමෝම බලන්න, ලස්සන සිනමා නිර්මාණයක්.

    මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලබාගෙන තිබුණු web ratings ගැනත් වචනයක් කියන්නම්. IMDb 8.4, Rotten Tomatoes 93%, Metacritic 88%, Google Users 90% වගේ ඉහල අගයන් අරගෙන තියෙනවා. මේ වගේ හැම තැනකින්ම ඉහල අගයන් අරගන්න ඒක ලේසි වැඩක් නෙමෙයි, ඒත් මේ චිත්‍රපටිය ඒ කඩුල්ල ජයගෙන තියෙන්නේ.

    මේ අති විශිෂ්ඨ සිනමා නිර්මාණය Christopher Nolan ගේ නිර්මාණයක්. ඔහුගේම තිරරචනයක් තමයි මේ. ඇමරිකානු ඉතිහාසඥ Martin J. Sherwin සහ ඇමරිකානු නවකතා රචක Kai Bird දෙදෙනාගේ American Prometheus නම් පොත පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Cillian Murphy (ජේ. රොබර්ට් ඔපෙන්හයිමර්), Emily Blunt (කිටී), Matt Damon (ලෙස්ලී ග්‍රෝව්ස්), Robert Downey Jr. (ලූවිස් ස්ට්‍රෝව්ස්) ඇතුළු විශාල පිරිසක්.

    තව දෙයක් කියන්න තියෙනවා. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ කීපයක් වගේම ලිංගික හැසිරීම් තියෙන දර්ශණ චිත්‍රපටියේ ඇතුලත් වෙනවා. හැබැයි, මේක කාමුක චිත්‍රපටියක් නෙමෙයි. අවශ්‍ය අය දැනගෙන බලන්න.

    මේ චිත්‍රපටිය ගොඩාක් පරණ ඉංග්‍රීසි භාවිතා කරන සහ විද්‍යාත්මක වචන භාවිතා වෙන චිත්‍රපටියක්. ඒ නිසා, සිංහලට පරිවර්තනය කරන එක ලේසි වැඩක් වුනේ නෑ. මම පුළුවන් තරම් සරල වචන පාවිච්චි කලා. ඒත් තරමක් බරපතල දෙබස් තියෙන්නේ. තේරෙන්නේ නැති තැන් තියෙනවා නම්, ආයේ ආයේ බැලුවත් කමක් නෑ.

    එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල ගුණ අගුණ, වැරදි අඩුපාඩු, ගල් මල්, හොඳ නරක අපිට කියන්න. ඒක අපිව ධෛර්යමත් කරන දෙයක්. හැමෝටම ජයවේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Oppenheimer (2023) සිංහල උපසිරැසි” Oppenheimer.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1956 times – 92 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram