More

    Pihu (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 වර්ෂයේ සිනමා රසිකයින් වැඩිපුරම කම්පනයට පත් කරපු චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්වීම මොකක්ද කියලා ඇහුවොත් හැමෝගෙම මතකයට ඒවි පිහූ චිත්‍රපටය. අවුරුදු දෙකක් පමණ වයසැති පුංචි දැරියක් නිවසේ තනි වෙලා කිසිවෙකුගෙ රැකවරණයක් නැතිව ඉතාමත් භිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙන ආකාරය පෙන්වමින් තමයි එම පූර්ව ප්‍රචාරක දැන්වීම නිර්මාණය කරලා තිබුනේ. ඉතින් ඒ ට්‍රේලර් එක නරඹපු මාද ඇතුලුව සියලුම ‍බොලිවුඩ් රසිකයින් මග නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙනකම්. ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටිපු ඒ චිත්‍රපටය ඊයේ දිනයේදී අන්තර්ජාලයට නිකුත් වුනා.

    2018 නොවැම්බර් මස 16 වෙනිදා තිරගත කළ මෙම චිත්‍රපටය Drama, Thriller කියන වර්ගීකරණයන්ට අයත්. IMDB දර්ශකයේ 6.5/10ක අගයක් සටහන් කර ගත් මෙම පිහූ චිත්‍රපටය කප්රි විනෝද්ගේ අධ්‍යක්ෂණයක්. පිහූ මීරා විශ්වකර්ම කියන සුරතල් පුංචි දූ සිඟිත්තිය තමයි පිහූගෙ චරිතයට පණ පොවන්නේ. ඇයගේ රංගනය නම් විශිෂ්ඨයි. කවදා හෝ දිනෙක බොලිවුඩයේ දිදුළන තාරකාවියක් වේවි ඇය. ඇඟේ සැබෑ නම සහ චිත්‍රපටයේ නම සමානයි වගේම තමයි ඇයගේ මවගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේත් ඇඟේ සැබෑ මවමයි. ඒ ප්‍රේර්නා විශ්වකර්ම. ‍ඒ වගේම මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වූවක් බව තමයි සඳහන් වෙන්නේ.

    තමන්ගේ 2වන උපන් දින සාදය අවසන් කරලා තමන්ගේ මව පියා සමගින් රාත්‍රියේ නින්දට ගිය පිහූ සුපුරුදු විදියටම පසු දින උදෑසන අවධි වෙනවා. නමුත් වෙනදා පිහූත් සමගින්ම අවධි වෙලා දවස ආරම්භ කරන පිහූගෙ ආදරණීය මව එදා සුපුරුදු විදිහට අවධි වෙන්නෙ නෑ. පිහූ අවධි වූ වෙලාවෙ ඉඳන් අම්මාව ඇහැරවන්න කොතරම් උත්සාහ කළත් ඇය නෙවෙයි තත්පරයකට හො ඇස් ඇර බලන්නේ. ඒ වගේමයි මේ වෙද්දි පිහූගෙ පියාත් නිවසේ නෑ. දැන් පිහූ නිවසේ තනි වෙලා. ඉතින් ඔන්න පිහූට සිද්ද වෙනවා දැන් තමන්ගේ දින චර්යාව තනියම ක්‍රියාත්මක කරන්න. ටොයිලට් යන්න, දත් මදින්න, මූණ සෝදන්න, අලුත් ඇඳුම් අඳින්න විතරක් නෙවෙයි කෑම බීම පවා තනියම පිළියෙල කරගන්න. ඒකත් ගෑස් උඳුන්, විඳුලි උඳුන්, ශීතකරණ, විඳුලි ස්ත්‍රික්ක වගේ ළමයින්ට අනතුරුදායක වෙන්න පුලුවන් උපකරණ රාශියක් මැද්දේ. ඒ මදිවට නිවස පිහිටලා තියෙන්නේ තට්ටු ගණනාවක් උස ‍ගෙඩනැගිල්ලක නිසා නිවසේ බැල්කනි එකකුත් තියෙනවා. ඒකත් තනි වුනු ළමයෙකුට ඉතාම අනතුරුදායක වෙන්න පුලුවන් විදියට. ඉතින් මේ තරම් අනතුරු ගොඩක් මැද තනි වුනු මේ අවුරුදු 2ක පුංචි දැරිය මොන වගේ ඉරණමකට මුහුණ දේවිද? ඇයගේ මව නිඳි ඇඳෙන් අවධි නොවෙන්නත්, ඇයගේ පියා නිවසේ නැතිවෙන්නත් හේතුව කුමක් වෙන්න පුලුවන්ද? ඒ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු මේ විනාඩි 90 ඇතුළේ තියෙනවා.

    ට්‍රේලර් එක තාමත් බැලුවේ නැත්නම් මුලින් ට්‍රේලර් එක බලලාම ඉන්න. මොකද මගේ ලිපියෙන් චිත්‍රපටය නරඹන්න පෙළඹවීමක් ඇති නොවුනත් ට්‍රේලර් එක නැරඹුවාම අනිවාර්යෙන්ම චිත්‍රපටය නරඹන්න හිතේවි. එහෙනම් ඔබත් නරඹන්න තනි වුනු පිහූගේ කතාව. තවත් චිත්‍රපටයක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට සුභ දවසක්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Pihu (2018) සිංහල උපසිරැසි” Pihu.2018.Sinhala.Subtitle.rar – Downloaded 205 times – 14 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram